2022 දී කොටස් වෙළෙඳපොළෙන් ආණ්ඩුවට රු. බිලියන 4 ක බදු ආදායමක්

    January, 13, 2023

    කොටස් ගනුදෙනු සිදුකිරීමේ දී ආයෝජකයාගෙන් අදාළ ගනුදෙනුවේ වටිනාකම මෙන් 0.3%ක අය බද්දක් අයකරනු ලබයි.

    මෙය රජයේ බදු ආදායමකි.

    පසුගිය 2022 වසර තුළ දී මෙම කොටස් අය බද්ද හරහා රජය රු. බිලියන 4 ක බදු ආදායමක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

    අද දෙරණ බිස්නස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මේ බව අනාවරණය කර සිටියේය.