January, 31, 2023
2022 දී වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 13 දක්වා ළඟා විය
2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා වෙළඳ භාණ්ඩ අපනයනය 2021 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 4.6% කින් ඇමරිකානු ඩොලර් මිලියන 13,070.6 දක්වා වැඩි විය.
2022 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2022 දෙසැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් 9.7% කින්, ඇමරිකානු ඩොලර් මිලියන 1,044 දක්වා අඩු විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්රිත නිෂ්පාදන, පොල් ආශ්රිත නිෂ්පාදන, ආහාර පාන, කුළුබඩු, අත්‍යවශ්‍ය තෙල් සහ ධීවර නිෂ්පාදන අපනයන ආදායම අඩුවීමයි.
නිෂ්පාදන පිරිවැය, බලශක්තිය වියදම් ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන වෙළඳපොළවල පවතින අවපාතය මෙම පහත වැටීම්වලට හේතු වී ඇත. උද්ධමනය හේතුවෙන් ආනයන තියුණු ලෙස පහත වැටුණු අතර, භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු විය.
මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය, 2020 - 2022 (ඇ.ඩො.මි.)

වගුව 1: වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය (ඇ.ඩො.මි.)

වගුව 2 : ප්‍රධාන අපනයන ගමනාන්ත 15 (ඇ.ඩො.මි.)

වගුව 3: අපනයන කලාප (ඇ.ඩො.මි.)

සේවා අපනයනය
2022 වර්ෂය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,876.3 ක් වූ අතර, එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 5.9% කින් අඩු විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන, තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් යනාදියෙන් සමන්විත වේ.
Video Story