• Ada Derana BIZ Sinhala
  • Export Performance
  • October
  • sri lanka

2022 මාස 10ක වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ඩොලර් බිලියන 11 ඉක්මවයි

November, 29, 2022

2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ත ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 11 සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව 2022 මුල් මාස 10 තුළ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 11.07 ක් වේ.

කෙසේවෙතත් වාර්ෂික පදනම මත 2022 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් 8.18 % කින්, ඩොලර් මිලියන 1,094.8 දක්වා අඩු වී තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන පරිදි මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සුගන්ධ තෙල් සහ ධීවර අංශයේ අපනයන ආදායම අඩුවීමයි. තවද, ගෝලීය අර්බුදයන්හි බලපෑම ප්‍රධාන නිෂ්පාදනවල අපනයන ආදායම අඩුවීමට ද බලපා තිබේ.

සේවා අපනයනය

2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,619.66 ක් වූ අතර, එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 2.64% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් සේවා ආදියෙන් සමන්විත වේ.