2023 දකුණු ආසියානු ඊ – වාණිජ්‍යය සමුළුවේදී දේශසීමා ඊ- වාණිජ්‍යය, AI සහ තාක්ෂණය ප්‍රමුඛත්වය ගනියි

    October, 9, 2023

    දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඊ-වාණිජ්‍යය අන්තර්ජාල වෙළෙඳපොළ වන Daraz Group විසින් සත්කාරකත්වය ලබාදුන් 2023 දකුණු ආසියානු ඊ- වාණිජ්‍යය සමුළුව දින දෙකක් පුරා පැවැත්විණි. දාර්ශනිකයන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය යන රටවල ව්‍යවසායකයන්ගේ සංසදයකින් මෙය සමන්විත විය. ඔවුන් සියලුදෙනා එක්ව  ඊ-වාණිජ්‍යයේ දැවැන්ත හැකියාවන් ගවේෂණය කළ අතර මෙම ඩිජිටල් විප්ලවය මෙහෙයවීමේදී කාන්තාවන් ඉටු කරන ප්‍රධාන භූමිකාව සමරන ලදි.

    ඊ-වාණිජ්‍යය සම්මත කර ගැනීම වේගවත් කිරීම සහ රටවල් අතර ඩිජිටල් බෙදීම් අවම කිරීම කෙරෙහි අවධානය යොමු කළ සාකච්ඡා සහ තීක්ෂණ බුද්ධිය සහිත ඉදිරිපත් කිරීම් මඟින් දකුණු ආසියා ඊ-වාණිජ්‍යය සමුළුව සාර්ථක විය. මෙහි ප්‍රධාන මාතෘකා වූයේ දේශසීමා ඊ-වාණිජ්‍යය සඳහා උපාය මාර්ග, ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, සමාජ බලපෑම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම සහ ප්‍රතිපත්ති රාමු තුළ සැරිසැරීමයි. මීට අමතරව දාර්ශනික නායකයන් ඊ-වාණිජ්‍යය අංශය ඉදිරියට ගෙනයාමේදී ඇතුළත් වීම, තිරසාරභාවය, පුද්ගලීකරණය කළ පාරිභෝගික අත්දැකීම්වල වටිනාකම පිළිබඳ අවධාරණය කෙරීය.

    සමුළුවේ සමාප්තිය පිළිබඳව අදහස් දක්වමින් අග්නිදිග ආසියාවේ Google ආයතනයේ  කාර්ය සාධන පිළිබඳ විසඳුම් ප්‍රධානී ෂබානා බදාමි සඳහන් කළේ,  “Daraz විසින් සංවිධානය කළ ඊ-වාණිජ්‍යය සමුළුව අමතන්නට මට අවස්ථාව ලැබුණු දෙවැනි වසර මෙයයි.  අද සමාජයේ ජනතාව සිය කටයුතු කරමින් සිටින කෘතිම බුද්ධිය සහිත දැවැන්ත තාක්ෂණයක් ගැන සාකච්ඡා කිරීමට මෙය හොඳ  අවස්ථාවක්. AI සමඟින් කාන්තාවන්ට හා ඊ - වාණිජ්‍යයට නව මෙන්ම සුවිශේෂී අවස්ථා රැසක් පවතියි’’ යනුවෙනි.

    ඊ-වාණිජ්‍යය පද්ධතියේ ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය දැනුම හා මෙවලම් ලබාගැනීම සඳහා ව්‍යවසායකයන් හා සුළු ව්‍යාපාරවලට වැදගත් අඩිතාලමක් ලෙස මෙම සමුළුව කැපී පෙණිනි. වැදගත් සාකච්ඡා හා ප්‍රධාන පන්ති (Masterclasses) පිරිනැමීමෙන් ඩිජිටල් වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් ඇතිකර ගැනීමට උත්සාහ කරන පිරිස සඳහා මෙය අමිල මෙහෙවරක් ඉටු කළ සමුළුවක් ලෙස හැඳින්විය හැකියි.  ආරම්භක හා කුඩා ව්‍යවසායකයන්ට පමණක් නොව තරගකාරී ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වන්නන්ටද මෙය විශේෂිත විය.

    නව්‍ය ෆින්ටෙක් තාක්ෂණය සමඟින් ජනතාවගේ ජීවන රටාව ඉහළ මට්ටමකට ගෙනඒම සඳහා බලගැන්වීම Bigpayහි මෙහෙවරේ හදවතයි. දකුණු ආසියානු ඊ- වාණිජ්‍යය සමුළුවේදී විශේෂයෙන්ම අපි airasia පරිසර පද්ධතිය සමඟින් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ අපගේ අත්දැකීම් හා දැක්ම බෙදා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙනවා. වාණිජ්‍යය අනාගතය හැඩගැස්වීමේදී ෆින්ටෙක් හා පාරිභෝගික පරිසර පද්ධති අතර දැවැන්ත හවුල්කාරිත්වය ඉතා වැදගත් යැයි අපි විශ්වාස කරනවා’’ යනුවෙන් Bigpayහි ප්‍රධාන විධායක නිලධාරි Zubin Rada Krishnan පවසන ලදි.

    රටක ඊ-වාණිජ්‍යයේ දියුණුව සඳහා මෙවැනි අවස්ථා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙම සමුළුව නව හවුල්කාරිත්වයන් හා සහයෝගීතාවයන් සඳහා මඟපාදමින් වටිනා ජාලකරණ අවස්ථා සඳහා පහසුකම් ලබාදෙයි. දකුණු ආසියාවේ ඊ-වාණිජ්‍යයේ අනාගතය සඳහා අර්ථවත් සාකච්ඡාවල නිරත වීමට, දැනුම බෙදා ගැනීමට සහ පාඨමාලා ඇති කිරීමට පාර්ශවකරුවන්ට වේදිකාවක් ලෙස මෙම සමුළුව අද්විතීය සේවාවක් ඉටු කරයි.

    දකුණු ආසියාව පුරා සිටින ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රයේ හොඳම දක්ෂයන් කිහිපදෙනෙක් එක්කිරීමට හැකිවීම පිළිබඳ අප සාඩම්බර වන්නෙමු. මෙම සමුළුවෙන් ඊ - වාණිජ්‍යයේ ශක්තීන් ප්‍රදර්ශනය කළා පමණක් නොව සහයෝගීතාවයේ හා ප්‍රවේශවීමේ බලය විදහා දක්වා තිබෙනවා’’ යැයි Daraz Groupහි ප්‍රධාන විධායක නිලධාරී Bjarke Mikkelsen මහතා සඳහන් කළේය.

    2023 සමුළුවේ ගොරවනීය හවුල්කරුවන් ලෙස සහයෝගීත්වය ලබාදුන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලය හා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්ය. උත්සවය සඳහා මාධ්‍ය හවුල්කරුවන් ලෙස Daily FT සහ Newswire  සහාය දක්වන ලදි. මෙම වසරේ උත්සවය සඳහා දින දෙකේදී පුද්ගලයන් 500කට අධික පිරිසක් සහභාගී වූහ. ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන් සඳහා Virtual සහභාගීත්වය ලබාදෙමින් Live streaming  හරහා මෙම අත්දැකීම බෙදාදෙන ලදි.