2023 දී ගෙන්වූ වාහනවලට ඩොලර් ගිය හැටි මෙන්න

    November, 2, 2023

    2023 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ දී ශ්‍රී ලංකාවට පෞද්ගලික රථවාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 19.9ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වන අතර එම ප්‍රමාණය 2022 වසරේ මුල් මාස 09 හි පෞද්ගලික රථවාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 6.5 හා සැසඳීමේ දී 208.8% ක වැඩිවීමක් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    එම වාර්තාවේ සඳහන් වන පරිදි 2023 සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 2.4ක වටිනාකමකින් යුතු පෞද්ගලික රථවාහන මෙරටට ආනයන කර තිබේ. එය 2022 සැප්තැම්බර් මාසයේ වාහන ආනයන වටිනාකම වූ ඩොලර් මිලියන 0.7 ට වඩා 226.1% ක වැඩිවීමකි.