2023 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවලිය 20,000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්  ඇරඹෙයි

    June, 22, 2023

    රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් සන්නාමය අඛණ්ඩව 11 වැනි වරටත් ශ්‍රීමත් ජෝන් මලල ක්‍රීඩා ශූරතාවලියේ පුර්ණ අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇත. පසුගිය ජුනි 20 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලදී . ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය (SLSAA) විසින් සංවිධානය කරනු ලබන, මෙම ශූරතාවලිය  ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ දීර්ඝතම මලල ක්‍රීඩා ඉසව්වලින් එකක් වේ.

    වයස අවුරුදු 12න් පහල සිට15න් පහල තෙක් වයස් ඛාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිත රිට්ස්බරි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර සංවිධානය වන්නේ 51වන වතාවට වීම හා වයස අවුරුදු 16න් පහල 18න් පහල හා 20 න් පහළ වශයෙන් පැවැත්වෙන රිට්ස්බරි ජෝන් ටාර්බට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා  ශූරතාවලිය මෙවර සංවිධානය වන්නේ 91වන වතාවට වීම සුවිශේෂත්වයකි.

    රිට්ස්බරි ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා පලමු අදියරේ තරඟාවලි දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර,ඒ  අනුව ජූලි 7 සහ 8 මහනුවර බෝගම්බර ක්‍රිඩාංගණයේදී, ජූලි 18 සහ 19 බෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී, අගෝස්තු 11 සහ 12 යාපනය නගර සභා ක්‍රීඩාගණයේදී සහ අගෝස්තු 19 සිට 21 දක්වා බණ්ඩාරගම මහජන ක්‍රීඩංගණයේදී තරඟ වට පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මේ සඳහා දිවයින පුරා  600කට අධික පාසල් ප්‍රමාණයක් නියෝජනය කරමින්, සිසු සිසුවියන් 20,000කට අධිත ප්‍රමාණයක් ජාති, ආගම් හෝ ප්‍රාදේශීය බේදයකින් තොරව සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රිට්ස්බරි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලිය සැප්තැම්බර් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ජෝන් ටාර්බට් කනිෂ්ඨ ශූරතාවලිය නොවැම්බර් 3 වැනිදා සිට 5 වන දා තෙක් පැවැත්වේ.

    මෙවර රිට්ස්බරි අනුග්‍රාහකත්වයේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ, ජූනි මස 24 සිට 26 දින දක්වා සුගතදාස ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත රිට්ස්බරි සහය දිවීමේ සැණකෙළියයි. ක්රීඩාවට ආවේනික වූ කණ්ඩායම් හැඟීම, සහයෝගීතාව,සහෝදරත්වය වැනි ගුණාංග මානව පිළිඹිබු වන මෙම සහය දිවීමේ සැණකෙළිය සඳහා පාසල් 200ක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 4000කගේ පමණ සහභාගීතත්වයක් අපේක්ෂා කරන අතර මෙම තරඟාවලිය කාගේත් අවධානය දින ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    "දේශීය චොකලට් සන්නාම අතර ප්‍රමුඛයා වශයෙන් රිට්ස්බරි සර් ජෝන් ටාර්බට් මලල ක්‍රිඩා ශුරතාවලිය සාර්ථක කරලීම සඳහා ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය (SLSAA) සමග නැවත වරක් එක්වීමට ලැබීම පිලිබඳව අපට ඇත්තේ මහත් අභිමානයක්. රිට්ස්බරි පුරා දශකයකට අධික කාලයක් මෙරට තරුණ පරපුරේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමට උත්සාහ කරන අතර, ඒ සඳහා අවශ්‍ය විවිධ පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා" CBL Foods International පුද්.සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල්ද සිලවා මහතා පැවසීය.

    ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ  (SLSAA) සභාපති, ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා  රිට්ස්බරි අනුග්‍රාහකත්වය පිලිබඳව සිය දැඩි කෘතඥතාව පල කල අතර ශුරතාවලියේ සාර්ථකත්වය සඳහා රිට්ස්බරි ලබාදෙන දායකත්වය මෙලෙස අගය කලේය,

    "මෙම ශූරතාවලියේ සාර්ථකත්වය හා වර්ධනය තහවුරු කිරීම සඳහා රිට්ස්බරි වෙතින් ලැබෙන මෙම සහයෝගය අතිශය වැදගත්. මිට පෙරත් මේ ශූරතාවලිය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා රිට්ස්බරි වෙතින් අපට විශාල සහයෝගයක් ලැබුනා. මෙම වසරේදීත් සුපුරුදු පරිදි එම සහයෝගය ලබාදීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් රිට්ස්බරි වෙත අපගේ ස්තුතිය හිමි විය යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා කැපවී සිටින රිට්ස්බරි වැනි දේශීය සන්නාමයක අනුග්‍රහකත්වය ලැබීම අපට මහත් සතුටක්"

    රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවලියට අමතරව Super 16 Junior Rugby Carnival, Vidudaya Ritzbury Swimming Championship, Ritzbury Junior National Squash Championship, Ritzbury Junior Rugby Carnival සහ SLTA Tennis Tens All Island School Kids TennisPlay Day වැනි තරගාවලි රාශියකටද රිට්ස්බරි සිය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ. රටේ තරුණ පරපුර අතර ක්‍රීඩා කුසලතා නැංවීමේ අරමුණින් රිස්ට්බරි අඛණ්ඩව මෙම මෙහෙවරට උරදෙමින් සිටී.

     

    ඡායාරූපය: (වමේ සිට)ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ  (SLSAA)ලේඛම් - නිමල් මුණසිංහ මහතා, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ  (SLSAA) භාණ්ඩාගාරික - පී චමින්ද පෙරේරා, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ  (SLSAA) සභාපති - ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා,සාමාන්‍යාධිකාරී (අලෙවි) CBL Foods International නිලුපුල් ද සිල්වා මහතා,රිට්ස්බරි කාණ්ඩ කළමනාකරු අරුණ ලියනපතිරණ මහතා,