ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් කිරීම සහ ශ්‍රවණ සත්කාර ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ( WHO) විසින් සෑම වසරකම මාර්තු මස 3 වන දින ලෝක ශ්‍රවණ දිනය ලෙසින් සමරයි. මෙවර ලෝක ශ්‍රවණ දිනය සමරනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළද සෞඛ්‍ය ආවරණයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ශ්‍රවණය ආශ්රිත මූලික ගැටලු හඳුනා ගැනීම සහ ශ්‍රවණ සත්කාර වල වැදගත්කම අවධාරණය කරමින් ‘සැමට ශ්‍රවණය සහ ශ්‍රවණ සත්කාර’ යන තේමාව යටතේය.
මෙම අරමුණ සපුරාගැනීම සඳහා උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, විෂන් කෙයා ආයතනයේ ශ්‍රවණ සත්කාර අංශය වන විෂන් කෙයා හියරින් සොලියුෂන්ස් සමඟ එක්ව ‘සැමට ශ්‍රවණය සහ ශ්‍රවණ සත්කාර’ නමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 3 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම වැඩසටහන විෂන් කෙයා ගල්කිස්ස, මහරගම, ගාල්ල, මීගමුව සහ කුරුණෑගල ශාඛාවන් හි දී පැවැත්වීමට නියමිතය.
වෛද්‍යවරුන් (GPs) හෙදියන්, වින්නඹු මාතාවන් වැනි ප්‍රාථමික සෞඛ්‍ය සේවකයින් මෙන්ම ගුරුවරුන්, ග්‍රාම සේවකවරුන් සහ සාමාන්‍ය ජනතාව ද ශ්‍රවණය ආශ්රිත ගැටලු සහ රෝග තත්වයන් හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහිදී ශ්‍රවණාබාධ ඇති පුද්ගලයින් හෝ ශ්‍රවණාබාධ ඇතිවීමේ අවදානමක් ඇති පුද්ගලයින් නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම සහභාගිවන්නන්ට, විශේෂයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවකයින්ට ලබා දීම සිදුකෙරෙනු ඇත- ක්ෂේත්රයේ ප්‍රවීණ වෛද්‍යවරයකු වන වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු විසින් මෙම දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම මෙන්ම නොමිලේ උපදේශන සේවා ලබා දීමටද කටයුතු සංවිධානය කර තිබේ.
මීට අමතරව, මාර්තු 3 වැනිදාට යෙදෙන ලෝක ශ්‍රවණ දිනයේ දී දිවයින පුරා සිටින සාමාන්‍ය ජනතාවට විෂන් කෙයා ශාඛාවන් හරහා නොමිලේ ශ්‍රවණ පරීක්ෂණයන් සිදු කර ගත හැක. උනන්දුවක් දක්වන අයට ළඟම ඇති විෂන් කෙයා ශාඛාව අමතා කලින් වෙලාවක් වෙන් කර ගැනීම සිදු කරගත හැකිය.
