2024 දී 7.6% කින් රුපියලේ අගය වැඩිවෙයි

    March, 29, 2024

    ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණයවීමේ ප්‍රවණතාවය 2024 පළමු කාර්තුව තුළ දී අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

    2024 වසරේ මාර්තු මස 28 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියය‍ට 7.6කින් අතිප්‍රමාණය විය.

    මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ මාර්තු මස 28 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.