January, 20, 2025
2024 දෙසැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී 57.2ක දර්ශක අගයක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මක ලෙස දායක විය.
උත්සව සමයේ තුළදී, විශේෂයෙන් ආහාර පාන නිෂ්පාදන අංශයේ, නිෂ්පාදන ඇණවුම් වැඩිවීම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක දෙසැම්බර් මාසයේදී තවදුරටත් ඉහළ ගියේය. කෙසේ වෙතත්, ශීත ඍතුවේ දීර්ඝ නිවාඩු පැවතීම හේතුවෙන් ප්‍රධාන ඇඟලුම් අපනයන ගමනාන්තවලින් ලැබෙන ඇණවුම් පහත වැටීමෙන් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක මාසය තුළ දී පහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ අනියම් ශ්‍රමිකයන්ගේ සේවය ලබාගැනීම අඩුවීම, සමස්ත රැකියා උප දර්ශකයේ පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, තොග මිලදී ගැනීම් උප දර්ශකය මාසය තුළ තවදුරටත් ඉහළ ගිය අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ මට්ටමක පැවතුණි.