2024 මුල් කාර්තුවේ දී කොටස් වෙළෙඳපොළේ 7.42% ක වර්ධනයක්

    March, 29, 2024

    2024 වසරේ මුල් මාස තුන තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.42% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

    2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් සටහන් වුණු සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (28) දින වන විට ඒකක 11,444.38 ක් දක්වා මේ අනුව ඉහළ ගොස් තිබිණි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වාර්තා වූ ඉහළම මාසික ශුද්ධ ලැබීම 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වී ඇති බවයි.