July, 2, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ පළමු මාස 06 තුළ දී 13.99%ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව වසර ආරම්භයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් සටහන්ව තිබූ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය 2024 ජූනි 28 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 12,144.54 ක් දක්වා ඒකක 1,490.38 කින් ඉහළ ගොස් තිබේ. මෙය 13.99% ක වර්ධනයකි.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකයට අනුව 2024 මුල් භාගය තුළ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 16.95% කි. වසර ආරම්භයේ දී ඒකක 3,068.36 ක් ලෙසින් සටහන්ව තිබූ S&P SL20 දර්ශක අගය පසුගිය ජූනි 28 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 3,588.54 ක් දක්වා ඒකක 520.18 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත.
Video Story