2026 දී වර්ධනය මන්දගාමී වුවත්, ආර්ථිකයේ ප්‍රමාණය 2018 තිබුණු මට්ටමට පැමිණේවි – ලෝක බැංකුව

    April, 20, 2026

    ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යෑමේ බලපෑම ප්‍රධාන වශයෙන් හේතු වෙමින් 2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා මන්දගාමී වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරයි. මෙලෙස 2026 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා මන්දගාමී වනුයේ 2025 වසරේ දී 5%ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබූ පසුබිමකය.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටම වූ 2018 වසරේ තිබුණු ප්‍රමාණයට මෙම වසරේ දී ළඟා වනු ඇති බවට ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ. දකුණු ආසියානු කලාපයේ ආර්ථික යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත් කරමින් 2026 අප්‍රේල් වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    In Sri Lanka, growth is expected to moderate to 3.6 percent in 2026, with the size of the economy thereby regaining its 2018 level. Growth is expected to rebound slightly to 3.8 percent in 2027. Fe slowdown in activity relative to 2025 is due to higher energy prices as well as a shift from recovery to a pace consistent with its potential.

    මේ අතර ලෝක බැංකුව වැඩිදුරටත් පුරෝකථනය කරනුයේ 2027 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3.6%ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

    තවද ඉල්ලුම ශක්තිමත් වීමත් සහ ඉහළ යන බලශක්ති මිල ගණන් හේතුවෙන් 2026 දී උද්ධමනය 5% ඉලක්කයට වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

    අදාළ වාර්තාවට අනුව 2025 වර්ෂයේ දී දකුණු ආසියානු කලාපයේ වර්ධනය 7% ක් ලෙසින් ඇස්තමේන්තු කර ඇති අතර එය 2026 වසරේ දී 6.3% ක් හා 2027 වසරේ දී 6.9% ක් ලෙසින් පුරෝකථනය කර ඇත.

    දකුණු ආසියානු කලාපයේ පිබිදීමට ඉහළම දායකත්වය ලබා දෙනු ලබන ඉන්දියාවේ වර්ධනය 2025 වසරේ දී 7.1% සිට 2026 වසරේ දී 7.6%ක් දක්වා ඉහළ යනු ඇති බව ද මෙම නවතම වාර්තාව පුරෝකථනය කරයි.