2026 මුල් මාස 03දී ඩොලර් මිලියන 613ක වාහන ගෙන්නලා

    May, 4, 2026

    පෞද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව 2026 වසරේ මාර්තු මාසයේ දී වාහන ආනයන සඳහා දරා ඇති වියදම එ.ජ. ඩොලර් මිලියන 195ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ සමඟම  2026 වසරේ පළමු කාර්තුව තුළ දී මුළු වාහන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 613ක් ලෙසින් වාර්තා වේ. 

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, පෞද්ගලික වාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන යන කාණ්ඩ දෙක ම අයත් වාහන ආනයන වියදම් 2025 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.04ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය බවයි. එය 2015 වසරේ දී වාර්තා කරන ලද එ.ජ. ඩොලර් බිලියන 2.12 සහ 2018 වසරේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.09ට පසු වාර්තා කළ තුන්වන ඉහළ ම වාර්ෂික මුළු වාහන ආනයන වියදම ලෙස වාර්තා වී තිබේ.