April, 20, 2026
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC 2026 මාර්තු 31න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රු. බිලියන 4.55ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.
මෙය පෙර මූල්‍ය වර්ෂයේ අදාළ කාර්තුවේ දී වාර්තා කර තිබූ රු. බිලියන 3.46 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී 31%ක ඉහළ යාමක් වේ.
මේ සමඟම 2025/26 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. බිලියන 11.99ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමාගමට හැකි වී ඇත.
සමාගමේ සංක්ෂිප්ත ආදායම් වියදම් ප්‍රකාශය පහතින් දැක්වේ.

Video Story