April, 20, 2026
ජපානයේ Belluna Co. Ltd. සමාගමේ දකුණු ආසියානු නියෝජිතයා වන Belluna Lanka, කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි 447 Luna Tower නිවාස ව්‍යාපෘතියේ සීමිත මහල් නිවාස සංඛ්‍යාවක් විකිණීමට ඇති බව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන විශ්වාසයක් දිනා සිටින Belluna සමාගම, මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ උසස් ජීවන රටාවක් අපේක්ෂා කරන ගැනුම්කරුවන්ට දිගුකාලීන වටිනාකමක් ඇති නිවහනක් සහතික කරයි.
මහල් 44කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඇත්තේ නිවාස 202ක් පමණි. එමගින් කොළඹ වැනි ජනාකීර්ණ නගරයක පවා නිදහස් සුවදායී ජීවිතයක් ගත කිරීමට පදිංචිකරුවන්ට අවස්ථාව හිමිවේ. සෑම නිවසක්ම නිසි ප්‍රමාණය, ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රය උපරිමයෙන් ලැබෙන පරිදි ඉතා ක්‍රමවත්ව නිර්මාණය කර ඇත. අනවශ්‍ය අලංකාරයන්ට වඩා ගුණාත්මක නිමාවට මුල් තැන දී ඇති මෙය නගරයේ කාර්යබහුලත්වයට සම්බන්ධ වෙමින්ම, නිවස තුළ අවශ්‍ය පෞද්ගලිකත්වය සහ සාමකාමී බව රැක ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙම විශේෂත්වය නිසාම කොළඹ සුඛෝපභෝගී නිවාස ක්ෂේත්රය තුළ 447 Luna Tower හට සුවිශේෂී අනන්‍යතාවක් හිමිවී ඇත.
ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වූ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන පිලිප් වීරරත්න මහතා සහ PWA Architects කණ්ඩායම විසින් 447 Luna Tower නිර්මාණය කර ඇත. මෙය Belluna Lanka සහ PWA ආයතන අතර පවතින පොදු නිර්මාණ දැක්ම මනාව පිළිබිඹු කරන්නකි. ගාල්ලේ 'Le Grand' හෝටලය සහ 447 Luna Tower හි ප්‍රධාන සැලසුම් නිර්මාණය කරමින් මෙන්ම, කොළඹ 'Granbell' හෝටලය සඳහා ජපන් නිර්මාණකරුවන් සමඟ එක්ව කටයුතු කරමින් Belluna ආයතනයේ නිර්මාණ අනන්‍යතාවය හැඩගැස්වීමට PWA කණ්ඩායම විශාල දායකත්වයක් ලබා දී ඇත. මෙම සාර්ථක හවුල්කාරිත්වය ඉදිරියේදී ඇල්ල ප්‍රදේශයේ ඉදිවන Granbell Hotel Ella ව්‍යාපෘතිය හරහා ද දැකගත හැකි වනු ඇත. මෙම සෑම ව්‍යාපෘතියකදීම Belluna සහ PWA ආයතනවල මූලික පරමාර්ථය වන්නේ හුදු අලංකාරයට එහා ගිය, ඉතා නිවැරදි, විශ්වසනීය සහ ශ්‍රී ලාංකීය පරිසරයට ගැළපෙන උසස් ඉදිකිරීම් සිදු කිරීමයි.
447 Luna Tower හි සෑම අංගයක්ම නිර්මාණය කර ඇත්තේ නිශ්චිත අරමුණක් සහ අඛණ්ඩ පැවැත්මක් සහිතවය. මෙහි ඇති ඉඩකඩ සහිත අභ්‍යන්තරය, ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතය සහ සියුම් නිමාවන් හරහා පදිංචිකරුවන්ට අවශ්‍ය පහසුව, සුවපහසුව සහ ගොඩනැගිල්ලේ දිගුකාලීන පැවැත්ම සහතික කර ඇත. මෙම ව්‍යාපෘතිය එහි පවතින උසස් ප්‍රමිතිය සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ විශ්වාසනීයත්වය මත පදනම් වූ විශිෂ්ට නිවාස තේරීමක් ලෙස කැපී පෙනේ. මෙය නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයෙකු විශේෂයෙන්ම සොයා බලන කරුණකි.
447 Luna Tower හි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද්දේ නිවාස, හෝටල් සහ වාණිජ ගොඩනැගිලි ක්ෂේත්රයේ වසර හතළිහකට වඩා පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් ආයතනයක් වන Sanken Construction (Pvt) Ltd විසිනි. මෙම ව්‍යාපෘතිය 2025 ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අතර, එය එහි දිගුකාලීන ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳ සහතිකයකි. මීට අමතරව, සිංගප්පූරුවේ Ong & Ong ආයතනය මෙහි නිර්මාණ කටයුතු සඳහා උපදේශක දායකත්වය ලබා දුන් අතර, ලන්ඩනයේ ප්‍රධාන කාර්යාලය පිහිටි ජාත්‍යන්තර ඉංජිනේරු සමාගමක් වන Arup Group, මෙරට NCD Consultants ආයතනය සමඟ එක්ව මෙහි ව්‍යුහාත්මක සහ තාක්ෂණික විශිෂ්ටත්වය තහවුරු කර ඇත.
447 Luna Tower හි සීමිත නිවාස සංඛ්‍යාවක් විකිණීමට නිකුත් කිරීමත් සමඟ, කොළඹ 02 වැනි ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයක, සියලු වැඩ අවසන් වූ, වහාම පදිංචියට යා හැකි නිවසක් මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට දැන් අවස්ථාව ඇත. හෝටල් ක්ෂේත්රය, නිවාස ව්‍යාපෘති සහ දේපළ කළමනාකරණය පිළිබඳ Belluna Lanka සතු පුළුල් පළපුරුද්ද මෙහි ප්රමිතීන් තුළින් මනාව පිළිබිඹු වේ. එමෙන්ම, නිවාස භාරදීමෙන් පසුව ද, එහි දිගුකාලීන නඩත්තුව සහ ගුණාත්මකභාවය පිළිබඳව ද ඔවුහු දැඩි අවධානයක් යොමු කරති.
ජපානයේ Belluna Co. හි අධ්යක්ෂ හිරෝෂි යසුනෝ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. "වර්තමාන ගැනුම්කරුවන් හුදු විශාලත්වය හෝ තත්ත්වය පමණක් බලාපොරොත්තු වන්නේ නැහැ. ඔවුන් වැඩිපුරම අගය කරන්නේ නිවසක් තුළ ජීවත් වීමේදී දැනෙන සුවපහසුව සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයයි. 447 Luna Tower හරහා එම විශ්වාසය අප ලබා දෙන්නේ අපගේ ක්‍රමවත් සැලසුම්, විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණය සහ අප ගොඩනගා ඇති අන්‍යෝන්‍ය විශ්වාසය තුළිනුයි. නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ ක්‍රියාකාරී ශක්තිමත්භාවය යන දෙකෙහිම එකතුව Belluna සතු සෑම ව්‍යාපෘතියකම ප්‍රමිතිය විදහා දක්වනවා."
Belluna Lanka හි කළමනාකාර අධ්යක්ෂ රෙහාන් මොරිස් මහතා මෙසේ අදහස් දැක්වීය. "වැඩ අවසන් කරන ලද සහ හොඳින් නඩත්තු කෙරෙන නිවාස ව්‍යාපෘති සඳහා දේපළ වෙළෙඳපොළ තුළ අඛණ්ඩ ඉල්ලුමක් පවතින බව 447 Luna Tower මගින් මනාව පැහැදිලි වෙනවා. පාරිභෝගිකයන් දැන් වැඩිපුරම උනන්දු වන්නේ නිවස පිහිටි හොඳ වටපිටාව, එහි සැලසුම් සහගත බව සහ නිවස භාර දීමෙන් පසුවත් ලැබෙන නඩත්තු සේවාවන් යන කරුණු තුනම සමබරව ඇති නිවාස සඳහායි. Belluna Lanka හි ඒකාබද්ධ සේවා ආකෘතිය හරහා නිවාස හිමියන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා."
ටෝකියෝ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි, දශක පහකට අධික අත්දැකීම් ඇති ජපානයේ Belluna Co. Ltd. ලොව පුරා විවිධ ක්ෂේත්රයන්හි ආයෝජනය කර ඇති ප්රමුඛ සමාගමකි. එහි ශ්‍රී ලාංකීය නියෝජිතයා වන Belluna Lanka, දකුණු ආසියානු කලාපය තුළ දිගුකාලීන වටිනාකමක් ඇති ව්‍යාපෘති හරහා තම සේවාවන් අඛණ්ඩව ව්‍යාප්ත කරයි. ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල ආයෝජනයන් සිදුකර ඇති Belluna Lanka සමාගම, තාක්ෂණික විශිෂ්ටත්වය සහ ඉහළ ක්‍රියාකාරිත්වය මත පදනම් වූ ව්‍යාපෘති නිර්මාණය කිරීමට නිරන්තරයෙන් අවධානය යොමු කරයි. එමගින් තම ව්‍යාපෘති එකතුව පුළුල් කරන අතරම පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට ද ඔවුහු කැපවී සිටිති.


Video Story