9 වතාවක් හොඳම සේවා ස්ථාන සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස්, Best Workplaces™️ ආසියා ලැයිස්තුවේ 45 වන ස්ථානයට

    July, 28, 2021

    AIA ඉන්ෂුවරන්ස්, Best Workplaces™️ආසියානු ලැයිස්තුවේ විශාල කාණ්ඩයේ සමාගම් යටතේ මෙසේ ඇගයීමට ලක්වීම මහත් සාඩම්බරයෙන් සමරයි.  AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා සමාගම මෙම ගෞරවනීය ජාත්‍යන්තර ලැයිස්තුවට එක්වූ ප්‍රථම වතාව මෙයයි.   Great Place to Work® වෙතින් පිරිනමනු ලබන මෙම ජාත්‍යන්තර තලයේ ගෞරවනීය ලැයිස්තුවට ඇතුලත් වීම සඳහා ආසියානු කලාපය තුල පිහිටා ඇති විශිෂ්ටතම සේවාස්ථාන සඳහා ඉතා දැඩි නිර්ණායකවලට යටත් වීමට සිදුවෙනවා.

    මෙම ගෞරවනීය ජාත්‍යන්තර සම්මානය හිමිකර ගැනීමත් සමගින් AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 9වන වතාවටත් ශ්‍රී ලංකාවේ සේවය කිරීමට ඇති හොඳම සේවාස්ථාන අතරින් එකක් බවට Great Place to Work® වෙතින් සම්මානයෙන් පිදුම් ලැබීමත් විශේෂත්වයක්.  AIA ඉන්ෂුවරන්ස්, Great Place to Work® හි කීර්තිධරයින්ගේ ශාලාවට 2017 වසරේ දී ඇතුලත් වන්නේ මෙම සම්මානය අඛණ්ඩව වසර 5ක් පුරාවට හිමිකරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක්වීම නිසයි.  රැකියාව කිරීමට හොඳම සේවාස්ථානයක් ලෙස සම්මාන ලැබීමට අමතරව Great Place to Work® වෙතින් අනෙකුත් කාණ්ඩ අතරින් සම්මානයෙන් පුද ලැබීමටද AIA සමත්ව ඇති අතර අඛණ්ඩව පසුගිය වසර 3 පුරාවට කාන්තාවන් සඳහා රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානය ලෙස ද AIA ඉන්ෂුවරන්ස් සම්මානයෙන් පුද ලැබීය.

    AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි මේ පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ "AIA හි අපට සමාගම කෙරෙහි අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තුළ ඇති විශ්වාසය සහ සාඩම්බරත්වය ඉතාමත් වැදගත්.  මේ වෙනුවෙන් අප අවධානයට ලක්කරන්නා වූ සාධක ලෙස මණ්ඩල සාමාජිකයින්හට සමාන අවස්ථා ලබා දීම තහවුරු කිරීම, රැකියාව කරන පරිසරය තුල වෘත්තීයමය වර්ධනය මෙන්ම පුද්ගල සුභසිද්ධිය අතර තුලනාත්මක බවක් ඇති කරමින් ඔවුනටත් අපගේ කොටස්කරුවන්ටත් වඩාත් ඉහළ වටිනාකම් අත්පත් කරදීම තහවුරු කිරීම සදහන් කලහැකියි. වසර 9ක් පුරාවට අඛණ්ඩව හොඳම සේවාස්ථාන සඳහා වන සම්මානයෙන් පුද ලැබීම අප සිදු කරන්නා වූ මෙම කාර්යයන් ඉතා විශිෂ්ට අයුරින් සිදුකරන බවට සහතිකයක්"

    ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ "Best Workplaces™️හි ආසියානු ලැයිස්තුව තුළ  ප්‍රථම වරට ඇගයුමට ලක්වීම අපට ඉමහත් ගෞරවයක්.  විශේෂයෙන් වර්තමාන COVID-19 වසංගතය පවතින මෙම කාලවකවානුව අතරතුර එසේ සම්මානයෙන් පුද ලැබීම. වසංගතය ආරම්භ වූ අවස්ථාවේ සිට කාර්යමණ්ඩලය නිවසේ සිට සිය කාර්යයන් සිදුකලත් ඔවුන්ව සහභාගී කරගනිමින් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම මෙන්ම කාර්යමණ්ඩලය වෙනුවෙන් සේවා ස්ථානයේ  සුරක්ෂිත බව  තහවුරු කිරීමටත් අප මහත්සේ වෙහෙසක් දරනවා.  මෙම ඇගයීම අපගේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින් අත්පත් කරගත් තුටු පඬුරක් ලෙස මා කියන්න කැමතියි මන්ද අප මෙසේ ඇගයීමට ලක්වීමට ප්‍රධාන වශයෙන් හේතුව අප සතු විශිෂ්ට මානව සම්පත වන නිසයි".

    AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරි පෙරේරා මහත්මිය සිය අදහස් දක්වමින් "අපි අපගේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සතුට, වර්ධනය සහ සුභසිද්ධිය, ඔවුන් පිළිබඳව දක්වන අවධානය සහ සැලකිල්ල මූලිකත්වයේ ලා කටයුතු කරමින් සිටින අතරතුර මෙවන් ඇගයුම් වලට ලක්වීම ඉමහත් සාඩම්බරයෙන් සමරනවා.  මෙවන් දෙස් විදෙස් සම්මානයන්ගෙන් පුද ලැබීම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් AIA ඉන්ෂුවරන්ස් විශිෂ්ට සේවාස්ථානයක් ලෙස තව දුරටත් තහවුරු වෙන අතර  මෙරට නව රැකියා සොයන්නන්හට වැඩි මනාපයකින් අපව තෝරාගැනීමට හේතුවක් ද වෙනවා.

    ඇය තවදුරටත් අදහස් දක්වමින් "2020 වසර කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතා අභියෝගාත්මක වසරක් වුවා.  නිවසේ සිට සිය රැකියාවේ යෙදීමට සිදුවූ පසුබිමක් තුළ වුවත්  අප අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වය සමගින් මාර්ගස්ථ ක්‍රමයට ක්‍රියාකාරකම් 90 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට සමත් වූවා. ඩිජිටල්  තාක්ෂණය ඔස්සේ සිදුකල වැඩසටහන් 27ක් සම්පූර්ණ කිරීමට අපට හැකියාව ලැබුන අතර පැය 12,476ක අධ්‍යන කාලයක් ඒ සඳහා අයත් වුනා. අප තවදුරටත් අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට ඔවුන් සිදුකරන කාර්යයන් කාර්යක්ෂමව සිදුකිරීමට නිදහස සහ සවිබලය ලබාදෙන අතර ඒ ඔස්සේ අපගේ සේවාලාභීන් වෙත වඩාත් ඉහල සේවාවන් මෙන්ම සැලසුම් සහ විසදුම් ලබාදීමට ඔවුනට හැකියාව ලැබී තිබෙනවා.  සමස්තයක් ලෙස සියලු අභියෝග හමුවේ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ කැපවීම හේතුවෙන් සමාගම අඛණ්ඩව සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ගමන් කරමින් සිටිනවා"