• Ada Derana BIZ Sinhala
  • Azamara Quest
  • colombo port
  • passengers
  • sri lanka

900 ක් සමඟින් තවත් නැවක් කොළඹට

December, 5, 2022

මගීන් 480ක් සහ කාර්ය මණ්ඩලය 400ක් රැගත් Azamara Quest මගී නෞකාව පසුගිය සෙනසුරාදා (03) කොළඹ වරායට සේන්දු විය.

මෙම නෞකාවෙන් පැමිණි බොහෝ සංචාරකයින් යුරෝපීය ජාතිකයින් වූ අතර කොළඹ වරායෙන් අනතුරුව ඊයේ (04) දිනයේ දී එය හම්බන්තොට වරායට වෙත ළඟා වී තිබුණි.

මෙම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකාවෙන් පසු ඉන්දුනීසියාව බලා යාමට නියමිතය. මෝල්ටාවේ ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව දිග මීටර් 181 ක් සහ පළල මීටර් 25 කි.

මේ අතර දෙසැම්බර් 18 සහ 23 දෙදින තුළ තවත් සංචාරක නෞකා දෙකක් කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසා සිටී.

එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ කළමනාකරණයෙන් පසුගිය නොවැම්බර් මාසයේ දී සුඛෝපභෝගී මගී නෞකා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ හරහා 4,000කට අධික මගීන් සහ කාර්ය මණ්ඩල පිරිසක් පැමිණෙන ලදී.