November, 4, 2025
SLIIT ව්‍යාපාර පීඨය විසින් සංවිධානය කරන ලද VogueFest’25, 2025 ඔක්තෝබර් 31 වන දින මාලඹේ එහි ශ්‍රවණාගාරයෙහිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එය SLIIT සිසු දරුවන්ගේ නැගී එන දක්ෂතා ඉස්මතු කරන සහ ඊළඟ පරම්පරාවේ විලාසිතා නිර්මාණකරුවන් දිරිමත් කරන විචිත්‍රවත් තරඟාවලියක් විය. "ගෝලීය විලාසිතා විශිෂ්ටත්වය සහ අධ්‍යයන දකෂතාව විදහා දැකීම" යන තේමාව යටතේ මෙම වසරේ පැවති උත්සව්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය, නිර්මාණශීලිත්ව්ය සහ දකෂතාවයන් විදහා
දක්වන අලංකාර ප්‍රදර්ශනාගාරයක් බවට පත් කළ අතර, න්‍යායාත්මක ඉගෙනීම සැබෑ ලෝක කර්මාන්ත අත්දැකීම් සමඟ සම්බන්ධ කිරීමට SLIIT දරන උත්සාහයන් තවදුරටත් ශකතිමත් කිරීමට උපකාරි විය.
මේ වන විට, VogueFest විලාසිතා සංදර්ශනයකින් ඔබ්බට දැනුම සහ නිර්මාණශීලිත්වය ඒකාබද්ධ කරන සංස්කෘතික වේදිකාවක් දකවා පරිණාමය වී ඇත. එකසත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ (Manchester Metropolitan University, UK), මැන්චෙස්ටර් ෆැෂන් ඉන්ස්ටිටියුට් (Manchester Fashion Institute) සමඟ හවුල්කාරිත්වයෙන් පිරිනමනු ලබන BSC (ගෞරව) විලාසිතා ව්‍යාපාර සහ කළමනාකරණ වැඩසටහන (BSc (Hons) Fashion Business and Management program) ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදී.
මෙවැනි උත්සවයන් සංවිධානය කිරීම තුළින්, සාම්ප්‍රදායික අධ්‍යාපනික ක්‍රමවලින් ඔබ්බට ගොස් උපායමාර්ග, ශෛලිය සහ න්‍යාය නිර්මාණශීලීත්වය සමඟ ඒකාබද්ධ කළ හැකි ආකාරය නිරූපණය කිරීමට SLIIT බලාපොරොත්තු වේ. මෙම අවස්ථාවේදී හොඳම නිර්මාණකරු (Best Designer), හොඳම නිරූපිකාව (Best Female Model), හොඳම නිරූපණ ශිල්පියා (Best Male Model), වඩාත්ම ජනප්‍රිය නිරූපණ ශිල්පියා (Most Popular Model) වැනි විශේෂ සම්මාන පිරිනමන ලදී. "වඩාත්ම ජනප්‍රිය" ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබූවේ ප්‍රේක්ෂක ඡන්ද සහ සමාජ මාධ්‍ය නාලිකා හරහා වන අතර එමඟින් මහජනතාවට උත්සවයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඉඩ සැලසුණි.
මෙම ප්‍රසංගයේ විලාසිතා අංග රචනය (Fashion choreogrophy) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා නිරූපිකාවක් වන රොසැන් ඩයස් මහත්මිය විසින් අධ්‍යක්ෂණය කරන ලදී. ඇයගේ නිර්මාණශීලීත්වය සහ අලංකාරත්වය උත්සවයට ශෛලිය හා චමත්කාරය එක කළ අතර, උත්සවය අද ගෝලීය විලාසිතා ක්ෂේත්‍රය විදහා දක්වන විශ්මයජනක විලාසිතා සංදර්ශන, අලංකාර නිර්මාණ සහ රංගනයන්ගෙන් සපිරි අමතක නොවන සන්ධ්‍යාවක් බවට පත්විය.
තරුණ කුසලතාවන්ට සහාය වීම සඳහා, VogueFest'25 විවෘත තරඟ හතරක් ද හඳුන්වා දුන්නේය. ඒවා නැගී එන නිර්මාණකරු (Upcoming Designer), නැගී එන නිරූපිකාව (Upcoming Model ) සහ වසරේ තරුණ විලාසිතා ව්‍යවසායකයා (Young Fashion Entrepreneur of the Year) නම් විය. මෙම කාණ්ඩ නව නිර්මාණකරුවන්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සහ විලාසිතා කර්මාන්තයේ ප්‍රමුඛයන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දුන්නේය.
මෙම අව්‍ස්ථාවට ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය හා දක්ෂ වෘත්තිකයන් වන විලාසිතා නිර්මාණ සහ රූපලාවන්‍ය ක්‍ෂේත්‍රවල කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් ද සහභාගී වූ අතර, ඇඳුම් නිර්මාණකරු, මනාලියන් කොණ්ඩා මෝස්තර නිරූපණ ශිල්පියකු වන මයිකල් විජේසූරිය මහතා; වෘත්තීය කලාකරු, රෙදිපිළි නිර්මාණකරු සහ නිර්මාණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ප්‍රභාත් සමරසූරිය මහතා; ටනාෂ් ස්ටුඩියෝ සහ ඇටලියර් හි නිර්මාණකරු සහ නිර්මාණ ප්‍රධානී තිමානි රොද්‍රිගෝ මහත්මිය; ශ්‍රී ලාංකික නිරූපක,යෝග්‍යතා පුහුණුකරුවෙකු, ව්‍යවසායකයකු සහ Manhunt International 2025 හි පළමු අනුශූරතාව හිමිකරගත් පියුමාල් සිතුම් මහතා; නැචුරල්ස් සැලෝන් දාමයේ අධ්‍යක්ෂිකා සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රූපලාවන්‍ය ශිල්පීන්ගේ ඇකඩමියේ නිර්මාතෘ හසිනි ගුණ්ස්කර මහත්මිය; සහ Miss Earth Sri Lanka 2020, Miss Environmental Sri Lanka 2023, Miss International Environmental දෙවන අනුශූරතාව හිමිකරගත් රොමේන් අල්විස් මහත්මිය ද ඒ අතර විය.
VogueFest’25, SLIIT නියෝජනය කරන නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන විශ්මිත නිර්මාණ සහ නිර්මාණාත්මක අදහස් වලින් පිරී තිබුණි. එය විලාසිතා සංදර්ශනයක් පමණක් නොවේ. නිර්මාණශීලිත්වය, අධ්‍යාපනය සහ නායකත්වය සැමරීමක් විය. මෙම අව්‍ස්ථාවට සිසුන්, ආදි ශිෂ්‍යයන් සහ කර්මාන්ත වෘත්තිකයන් එක්විය. විලාසිතා සහ අධ්‍යාපනයේ පරිපූර්ණ මිශ්‍රණයකින්, VogueFest’25 නැවත වරක් පෙන්නුම් කළේ SLIIT උපාධිධාරීන් බිහි කිරීම පමණක් නොව ගෝලීය විලාසිතා අනාගතය හැඩගැස්වීමට ද උපකාරී වන බවයි.


Video Story