බ්‍රිතාන්‍යයේ දොරටු විවර වීමත් සමගම මෙහි වාසිය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට ලැබෙන සහාය ප්‍රමාණවත් ද?

    May, 6, 2026

    - ඒකාබද්ධ ඇඟලුම් සංසදය විසිනි

    තීරුබදු බදු අඩු කිරීමෙන් පමණක් ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසිය ලබා ගත හැකි බවට මතයක් පවතී. නමුත් එය එසේ වන්නේ නැත. වෙළෙඳ වාසියෙහි වැදගත්කම ඉස්මතු වන්නේ ඒම වාසිය ආයතනයන් විසින් භාවිතයට ගන්නා ආකාරය අනුවයි. 2026 ජනවාරි 1 වන දින සිට බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කල සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දෙන වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට තීරණාත්මක සාධකයක් බවට පත් ව ඇත්තේ එබැවිනි. බ්‍රිතන්‍ය වෙළෙඳපොලට ඇතුලු වීමට වැඩි යමක් මෙම ගිවිසුම හරහා මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට හිමිවෙයි. මෙම වෙළෙඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් අපනයන වෙළෙඳපොලක් වෙත ප්‍රවේශවීමට අවශ්‍ය මාර්ගය විවර කරනු ලබයි. මහා පරිමාණයේ ඇඟලුම් අපනයනකරුවන්ට මෙයින් ප්‍රතිලාභ සලසන අතර සුලු හාමධ්‍ය පරිමාණයේ ඇඟලුම් අපනයනකරුවන් සඳහා මෙය අතිශය තීරණාත්මක ගනුදෙනුවක් වනු ඇත.

    මෙහි සැබෑ විශේෂත්වය රඳා පවතින්නේ අපනයන භාණ්ඩය නිෂ්පාදනය වන ස්ථානය අනුවය. පෙර පැවති වෙළඳ ප්‍රතිලාභ පද්ධති බොහෝ විට කුඩා අපනයනකරුවන්ට සීමා ඇති කරමින්, විශේෂයෙන් සම්පූර්ණයෙන් ඒකාබද්ධ (vertically integrated) මෙහෙයුම් නොමැති ව්‍යාපාර සඳහා බාධාකාරී වූ කොන්දේසි පනවා තිබුණි. නව සංශෝධිත DCTS යෝජනා ක්‍රමය හරහා ඒ සීමා ලිහිල් කරමින් යෙදවුම්  ලබා ගැනීම සඳහා නම්‍යශීලී අවකාශයක් අපනයනකරුවන්ට ලබා දෙයි. මෙම ලිහිල් කිරීම් ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් අපනයනකරුවන්ට ප්‍රචාරනයට වඩා වැඩි වසියක් මෙහිදී හිමිවෙයි. සුලු හා මධ්‍ය පරිමාණයේ අපනයනකරුවන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ නැත. එබැවින් ඔවුන්ට ඒ පිලිබඳව අවදානමක් නැත. නමුත් ඔවුන් වඩාත් අපහසුතාවයට පත් වන්නේ ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් තරගකාරී මිල ගනන්වලට ලබා ගැනීමටත්, මිල නම්‍යකරණයකට යෑම සහ ඇඟලුම් ඇනවුම් නිසි වෙලාවට යවමින් ගැනුම්කරුගේ විශ්වාසය ඒලෙසින්ම පවත්වාගෙන යෑම කෙරෙහිය. නමුත් මේ වසර ආරම්භයේ සිට හිමි වු සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දෙන වෙළෙඳ යෝජනා ක්‍රමය හෙවත්  DCTS යෝජනා ක්‍රමය හරහා සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයින්ට මුහුණ දීමට සිදු වන දැවැන්ත පීඩනය සමනය කිරීමට අවස්ථාව හිමිවෙයි. සිද්ධාන්තයක් ලෙස මෙය සැබෑවකි. නමුත් වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ ප්‍රයෝගික තලයේදී ද මෙම තත්වය එලෙසම පවතිනවාද යන්නය.

    බ්‍රිතාන්‍ය වෙත ඇඟලුම් අපනයනය කරනු ලබන දේශීය ඇඟලුම් නිෂ්පාදකයකු වන ජෝ ජයවර්ධන මහතා එක්සත් රාජධානිය හා සම්බන්ධ අපනයන මිලදී ගැනීම පිලිබඳ අදහස් දක්වමින් “  DCTS යෝජනා ක්‍රමය ලෙස අදහස් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දෙන තීරුබදු සහනයක් ලෙස පොදුවේ අර්ථ දැක්විය හැකියි. නමුත් එහි සැබෑ වටිනාකම පවතින්නේ වාණිජ සංවාදය වෙනස් කරන ආකාරය තුළ.  අපනයනකරුවන්.  සිය අභිමත වෙළෙඳ පොළ ප්‍රවේශය අහිමි නොවී විශාල යෙදවුම් ප්‍රභවයන් වෙතින් අමුද්‍රව්‍ය ලබාගත හැකි නම්, ඔවුන්ට මිල, සැපයුම් කාලය සහ රෙදි පිලි තේරීම සම්බන්ධයෙන් වැඩි කේවල් කිරීමේ හැකියාවක් ලැබේ.

    ඇඟලුම් කර්මාන්තයේදී මෙය සුළු වාසියක් නොවේ. සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචිය තහවුරු වීම හෝ සම්පූර්ණයෙන් නොසලකා හැරෙන්නේද යන්න තීරණය වන්නේ මේ වාසි මතය.

    මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් අපනයනකරුවන් ඔවුන්ටම ආවේණික ව්‍යුහාත්මක අභියෝගයන් රැසකට මුහුණ දෙමින් සිටී. විශේෂයෙන්ම කාරක ප්‍රාග්ධනය අවම වීම, සැපයිමුකරුවන් සීමිත පිරිසක් සමග කටයුතු කිරීමට සිදු වීම, විශාල පරිමාණයේ නිෂ්පාදකයින් සමග සැසඳීමේදී කේවල් කිරීමේ හැකියාව දුර්වලවීම, වැනි කරුණු පෙන්වා දිය හැක. ඒබැවින් ඔවුන්ට දිගු ප්‍රමාදයන් දරා ගැනීම අපහසුය. ඔවුන්ට අධික ගබඩා තොගවල මුදල් බැඳ තැබීමට නොහැක. තවද, වියදම් සහ අනුකූලතාව යන කරුණු දෙකම කළමනාකරණය කළ හැකි විශාල සමාගම්වලට ඇති ඉහළම මට්ටමේ ඒකාබද්ධ සැපයුම් හැකියාව ඔවුන්ට නැත. නීති දැඩි වූ විට, එහි පීඩනය මුලින්ම දැනෙන්නේ කුඩා සමාගම්වලටය. නමුත් නීති රීති වඩාත් නම්‍ය වන විට ඒහි අසාමාන්‍ය වාසිය ඔවුන්ට හිමිවෙයි.

    එබැවින් මෙම DCTS යෝජනා ක්‍රමය රේගු සංශෝධනයකට වඩා තරගකාරීත්ව පවත්වාගෙන යාමට උපකාරී වන මෙවලමක්ය යන දෘෂ්ටිකොණයෙන් මේ පිලිබඳව විමසා බැලිය යුතුවේ.

    DCTS යෝජනා ක්‍රමය හරහා එක්සත් රාජධානියේ වෙළෙඳපොලට ප්‍රවේශ වීම සඳහා වරණීය ප්‍රවේශයක් හිමි වූවත් අපගේ සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයින් මෙම අවස්තාව ප්‍රශස්ත ලෙස උපයෝගී කර ගන්නනේ නැත්නම් මෙම ප්‍රවේශය හුදෙක්ම ලියවිල්ලකට පමණක් සීමා වනු ඇත. මක්නිසාද අපට ස්වයක්‍රීයව අපනයන ඇනවුම් නොලැබෙන හෙයිනි. ඒබැවින් ජෝ ජයවර්ධන මහතාගේ දැඩි විවේචනය ඒල්ල වන්නේ මෙම ක්‍රමවේදයට නොව මෙම ක්‍රමවේදය නිසියාකාරව භාවිතා කිරීමට අසමත්ව සිටින ශ්‍රී ලාංකිකයින් වෙතය. ඔහු පවසන පරිදි අවස්ථාව හිමි ව තිබුනද නිසි සම්බන්දීකරණය නොමැති වීම මෙහි ප්‍රමුඛතම දුර්වලතාවක් බව ඔහුගේ විග්‍රහයයි. සැපයුම්කරුවන් සහ  ගැනුම්කරුවන් අතර ළඟ සම්බන්ධයක් නොමැති නම්, අපනයනකරුවන් වෙළඳපොළ තුළ ප්‍රමාණවත් ලෙස දෘශ්‍යමාන නොවන්නේ නම්, සහ රජය වෙළඳ ප්‍රවේශය ක්‍රියාශීලීව වාණිජකරණය කළ යුතු දෙයක් ලෙස නොව, ඒය පුද්ගලික අංශය සතු කාර්යයක් ලෙස පමණක් සැලකුවහොත්, “වඩා හොඳ ප්‍රවේශය” තිබීමෙන් වැදගත් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත.

    මෙම සාධාරණය විවිචෙනය සඳහා දැන්වත් අවධානයක් යොමු විය යුතුව ඇත. ශ්‍රී ලංකාව නිරතුරුව උපකල්පනය කරන්නේ වරණීය වෙළෙඳ ප්‍රවේශය යනු ඒය තමන් වෙනුවෙන් පෙනීසිටින්නක් බවයි. නමුත්පඑය එසේ නොවේ. වෙළඳ යෝජනා ක්‍රම ප්‍රතිලාභ ලබාදෙන්නේ ඒවා වටා සංවිධානය වන රටවල්ටය. ඒ සඳහා ව්‍යාපාරික ප්‍රදර්ශනවල වැඩි සහභාගීත්වය, ගැනුම්කරුවන් සමඟ සෘජු සම්බන්ධතා වැඩිදියුණු කිරීම, වාණිජ සම්බන්ධතා පහසු කිරීම, සහ ශ්‍රී ලංකාවේ වටිනාකම් යෝජනාව ක්‍රියාශීලීව වෙළඳපොළට ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. එමෙන්ම, නියාමන වෙනස්කම් ව්‍යාපාරික තීරණවලට පරිවර්තනය කර ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීමත් වැදගත්ය. නව නීති යටතේ හොඳම අවස්ථා ඇති නිෂ්පාදන කුමනවාද? සමාගම් තම යෙදවුම් සපයා ගැනීම කෙසේ නැවත සංවිධානය කළ යුතුද? කස්ටම් ගැටලු වලින් වලක්වීමට අවශ්‍ය ලේඛන මට්ටම කුමක්ද? මිශ්‍ර භාණ්ඩ ප්‍රවාහනය කෙසේ කළමනාකරණය කළ යුතුද?මෙවැනි ප්‍රශ්න සියල්ලම ප්‍රායෝගික වන අතර, කුඩා ව්‍යාපාර සඳහා ප්‍රායෝගික පිළිතුරු අවශ්‍ය වේ.

    ඒක්සත් රාජධානිය වෙත ඇඟලුම් අපනයනය කරන අපනයනකරුවකු වන අමින්ද්‍ර විමලේසන මෙම ප්‍රශ්නයෙහි තවත් පැතිකඩක් මෙලෙස විග්‍රහ කලේය. “ අපනයන කර්මාන්තයක් ලෙස වෙනස් වන ලෝකය සමග නවීකරණය නොවී හොඳ වෙළෙඳපොලක් තිබූ පමනින්ම මෙයින් වාසියක් අත්පත් කර ගැනීමට හැකියාවක් නැහැ. ඔහු ඉදිරිපත් කරන තර්කය වඩාත් නිරවුල්ය. ස්වයංක්‍රීයත්වය වෙත යොමු වෙමින් ඒහි සහාය ලබා ගැනීමත්, ඇඟලුම් කර්මාන්තය මෙහෙයවන ආකාරය අනුව මූල්‍ය යාන්ත්‍රණය සැකසීමත් , ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාත්මක වැඩිවීමක් නොකර නිෂ්පාදනය ඉහළ නංවන්නේ කෙසේද යන්නද සොයා බැලිය යුතුය. ඵලදායීතාව මත ඇති වන ප්‍රතිලාභ අනිවාර්ය සාධකයක් වන්නේ අයෝජනය සැබැලෙසම කර්මාන්තශාලා තුලට රැගෙන යාමෙන් මිස පුලුල් මූල්‍ය අර්බුදයකට යාමෙන් නොවේ.

    DCTS යෝජනා ක්‍රමය පිලිබඳව පවතින සංකථනයේ සැබෑ උපායමාර්ගික වටිනාකම ඇත්තේ මෙබඳු අවස්ථාවන් වලය. මෙම යෝජනා ක්‍රමය මගින් බාහිර අවස්තාවන් රැසක් උදා කර දෙයි. නමුත් ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් අපනයනකරුවන් තවමත් අභ්‍යන්තර ගැටලු සමුදායකින් පීඩාවට පත් ව ඇත. විශේෂයෙන්ම ,මූල්‍ය, ක්‍රමවේදයන්, වෙළෙඳපොල තත්වයන් පිලිබඳව අවධානය යොමු කිරීමේදී මෙම ගැටලු හොඳින් නිරාවරණය වේ. සුලු හා මධ්‍ය පරිමාණයේ බොහෝ කුඩා ව්‍යාපාරික ආයතනවලට වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳ තවත් සම්මන්ත‍්‍රණය අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තොග භාණ්ඩ මත පදනම් වූ ණය පහසුකම්, යන්ත්‍රෝපකරණ ආයෝජන සඳහා සහන කාල, වඩා ශක්තිමත් නිෂ්පාදන සැලසුම්කරණය, සහ ගැනුම්කරුවන් වෙත වඩා හොඳ ප්‍රවේශයකි. එසේ නොමැති නම්, DCTS මඟින් ලැබෙන ප්‍රතිලාභ වේගයෙන් ක්‍රියා කළ හැකි තරම් දැනටමත් විශාල ආයතනවලට පමණක් වැඩි වශයෙන් හිමි වනු ඇත.

    බොහෝ කුඩා ව්‍යාපාරවලට තවදුරටත් වෙළඳ ප්‍රතිපත්තිය පිලිබඳ සම්මන්ත්‍රණයන් අවශ්‍ය නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ තොග භාණ්ඩ මත පදනම් වූ ණය පහසුකම්, යන්ත්‍රෝපකරණ ආයෝජන සඳහා සහන කාලයක්, වඩා ශක්තිමත් නිෂ්පාදන සැලසුම්කරණයක් සහ ගැනුම්කරුවන් වෙත වඩා හොඳ ප්‍රවේශයකි. එසේ නොමැති නම්, DCTS යෝජනා ක්‍රමය මඟින් ලැබෙන වාසි ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැකි තරම් දැනටමත් විශාල ආයතන වෙත පමණක් වැඩි වශයෙන් ගලා යනු ඇත. මෙම තත්වය අවස්ථාවන් අහිමිව යාමක් වනු ඇත.

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දීර්ඝ කාලයක් පුරා ස්ථාපිත ප්‍රධාන ආයතන කිහිපයක් මත පදනම්ව පවත්වාගෙන යනු ලැබීය. එහෙත්, ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි වර්ධන පියවර සඳහා වඩා පුළුල් කර්මාන්ත පදනමක් අවශ්‍ය වේ. එම හිඩැස පිරවීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (SMEs) හැකියාව ඇත, විශේෂයෙන්ම නම්‍යතාව, විශේෂීකරණය සහ කෙටි නිෂ්පාදන ධාවන වැදගත් වන අංශවලදී මොවුන්ගේ කාර්යභාරය තීරණාත්මක සාධකයක් ව පවතී. සංශෝධිත DCTS යෝජනා ක්‍රමය නිසි ලෙස භාවිත කළහොත් කර්මාන්තයේ මෙම කොටසට නිශ්චිතවම සහාය විය හැකිය. වැඩි සම්පාදන නිදහස කුඩා සමාගම්වලට වඩා ප්‍රතිචාරශීලී වීමට ඉඩ සලසයි. එය ඔවුන්ට නියාමන අවශ්‍යතා මත නොව වාණිජ වාසි මත පදනම්ව යෙදවුම් තෝරා ගැනීමට අවකාශ ලබා දෙයි. එමගින් මිල තරඟකාරීත්වය වැඩි කළ හැකි අතර, සැපයුම් කාලය කෙටි කළ හැකි අතර, ක්‍රියාශීලී සම්පාදන හවුල්කරුවන් සොයන එක්සත් රාජධානියේ ගැනුම්කරුවන්ට ඔවුන් වඩාත් ආකර්ෂණීය  තෝරා ගැනීමක් වනු ඇත.

    නමුත් එම ප්‍රතිඵලය ස්වයංක්‍රීයව සිදු නොවනු ඇත. ඒ සඳහා සමස්ත පද්ධතියක ප්‍රතිචාරයක් අවශ්‍ය වේ. රජය සහ කර්මාන්ත ආයතන DCTS එක ප්‍රතිපත්තිමය ජයග්‍රහණයක් ලෙස පමණක් නොව, වාණිජ අවස්ථාවක් ලෙසද සැලකිය යුතුය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (SMEs) ලබාදෙන සහාය තොරතුරුමය මට්ටමකින් පමණක් සීමා නොවී, ක්‍රියාකාරී සහ ප්‍රායෝගික එකක් බවට පත්විය යුතුය. එමෙන්ම, ප්‍රතිපත්ති සම්පාදකයන් DCTS යෝජනා ක්‍රමය ඵලදායීතා මූල්‍යකරණය සමඟ සෘජුව සම්බන්ධ කළ යුතුය. එවිට කුඩා අපනයනකරුවන්ට දුරින් සිට වැඩිදියුණු කළ වෙළඳපොළ ප්‍රවේශය නරඹමින් සිටිනවා වෙනුවට, කාර්යක්ෂමතාව හා ස්වයංක්‍රීයකරණය සඳහා ආයෝජනය කිරීමට හැකි වනු ඇත.

    මෙයින් උගත හැකි පාඩම සරලය. වරණීය වෙළෙඳම මගින් දේශීය නිෂ්පාදනයන්ගේ නිෂ්පාදන විභවය හැකියාවක් බවට හරවා ගත හැකි බවය. එක්සත් රාජධානිය මෙම අවස්ථාවේ දොරටුව තවදුරටත් විවෘත කර ඇත. දැන් ශ්‍රී ලංකාව තීරණය කළ යුත්තේ එම පියවර සාදරයෙන් පිළිගැනීමෙන් පමණක් සීමා වන්නේද, නැතිනම් එය සම්පූර්ණ වාණිජ ප්‍රයෝජනයකට පත් කරගන්නේද යන්නයි.