ඉදිරියේ දී වංචා සිදුනොවීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර සබඳතා තර කෙරේ

    May, 13, 2026

    පසුගිය දා අනාවරණය වූ ඩොලර් මිලියන 2.5ක ණය ගෙවීමකට අදාළ මුදල් වෙනත් පාර්ශවයක් අතට පත් වීමේ සිද්ධියෙන් පසු එවැනි සිදුවීමක් යළි නොවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග ඉතා ළඟින් කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ අද (13) පැවති ‘වාර්ෂික ආර්ථික විවරණය 2025‘ මහජන සම්මන්ත්‍රණයෙන් පසු අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “ඇත්තවශයෙන්ම මේ සිද්ධියෙන් පස්සේ අපි මුදල් අමාත්‍යාංශයත් සමඟ ඉතා ළඟින් කටයුතු කරනවා. කොහොමද මේ ක්‍රමවේදය තවත් ශක්තිමත් කරන්න පුළුවන්. අපේ තියෙන පළපුරුදද දැනීම පාවිච්චි කරලා, මෙවැනි දෙයක් ඉදිරියට නොවීමට අපි වැඩකරගෙන යනවා සහයෝගයෙන්.“

    මෙහිදී අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ රජයේ බැංකුකරුවා ලෙසින් රජයේ ආයතන විසින් කරනු ලබන නිර්දේශ අනුව ගෙවීම් සිදුකරනු ලබන බවත්, එම ගෙවීම් සිදුකිරීමෙන් පසු ඊට සම්බන්ධ ගිණුම් තොරතුරු පිරික්සීමේ අයිතිය මහ බැංකුවට නොමැති බවත්ය.

    “මුදල් අමාත්‍යාංශයේ ආයතන හරහා අපිට උපදෙසක් එනකොට ගෙවීමක් කරන්න කියලා, අපේ Chief Accountant Department එකේ, බැංකුකරුවා විදියට අපි ඒ තියෙන ගනුදෙනුව කරලා, ඒ තියෙන ගිණුමට මුදල් බැර කරලා ඒ ගෙවීම සම්පූර්ණ කරනවා, ඒක තමයි ක්‍රියාවලිය. External Resources Department (ERD) එක තමයි හැමතිස්සේම, පිටරටින් ණයක් ගන්නකොට විශේෂයෙන් නිල ණයහිමියෙක් එක්ක ගිවිසුම් අත්සන් කරන්නේ. ගිණුම් අංකය හරි නම්, සිස්ටම් එකෙන් යනවා නම්, ගෙවීම කරන එක තමයි ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ. එතනින් එහාට බැංකුකරුවා විදියට අපිට අයිතියක් නැහැ ගෙවීම වෙනස් කරන්න. අනෙක් පැත්තෙන් ඒ ගෙවීම වුණාද නැද්ද කියන statement බලන්න අපිට access නැහැ.“

    මේ අතර විදේශ විනිමයෙන් ණය ගෙවීමේ ක්‍රියාවලිය මහ බැංකු අධිපතිවරයා මෙහිදී සැකෙවින් මෙසේ පැහැදිලි කළේය.

    “ණය ගෙවීමේ ඒ fraud එක සම්බන්ධයෙන් ඇත්තවශයෙන්ම කියන්න ඕනේ. මේක මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් තුළ සිදුවුණු සිදුවීමක්. රජයේ බැංකුකරුවා විදියට අපි මේකට සම්බන්ධයි. මහ බැංකුවේ භූමිකාවක් තියෙනවා පනතේ තියෙන විදියටම, Bank to the Banks, Bank to the government. Banker to the government (රජයේ බැංකුකරුවා) විදියට අපි කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් උපදෙස් දුන්නාම ණය ගෙවීම විශේෂයෙන්, යම්කිසි ගෙවීමක් කරන කොට, මෙන්න මේ ගිණුමට මුදලක් එවන්න කියලා උපදෙසක් දුන්නාම, ඒගොල්ලෝ රුපියල් දුන්නොත්, අපි රුපියල්වලට ඩොලර් අරගෙන ණයගෙවලා අපි අය කර ගන්නවා ඒක.“

    Video Story

    Stock Market

    Exchange Rates