අයිඩියල් අභියෝගය 10 හබරණට

    May, 15, 2026

    ශ්‍රී ලාංකීය රථවාහන ක්ෂේත්‍රයේ  දැවැන්ත පෙරලියක් සිදු කළ රථ වාහන සමාගම මෙන්ම සමාජ සත්කාර අතින් ඉහළින්ම පාරිභෝගික ජනතාවගේ ආදරය දිනා ගත් සමාගම වන අයිඩියල් මෝටර්ස් සමාගම විසින් තවත් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ.
    ඒම වැඩසටහන වන්නේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ‘අයිඩියල් අභියෝගය‘ වැඩසටහනයි.
    2015 වසරේ ආරම්භ වූ අයිඩියල් අභියෝගය වැඩසටහන මහින්ද්‍ර බොලෙරෝ පාරිභෝගිකයන් සඳහාම වෙන් වූවකි. එහිදී මහින්ද්‍ර බොලෙරෝ පාරිභෝගිකයන් සඳහා තරග ඉසව් රාශියක් පැවැත්වෙන අතර, පාසල් ළමුන් වෙනුවෙන් කාර්මික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් කාර්මික පුහුණු වැඩසටහන්  සහ පාසල් ළමුන් තෝරාගෙන ගීත ගායනා  කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේ සියල්ල අවසානයේ  ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංග කලාවේ ප්‍රමිතිගත සංගීත කණ්ඩායමක් සමග දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
    අයිඩියල් අභියෝගය  වැඩසටහන ශ්‍රී ලාංකීය ජනතාවගේ  ආකර්ෂණය සහ ආදරය ඉහළින්ම දිනා ගත් වැඩසටහනක් වන අතර මේ වන විට ගම්පහ යක්කල, අනුරාධපුර තඹුත්තේගම, තිස්සමහාරාමය, මහනුවර, රුවන්වැල්ල, කොළඹ, පදවිය, මොනරාගල සහ මතුගම යන කලාපයන් ආවරණය කර අවසන්ය.
    අයිඩියල් අභියෝගය 10 වන අදියර දිස්ත්‍රික් 4ක කේන්ද්‍රස්ථානයක් වන හබරණ මහා විද්‍යාලය මූලික කරගනිමින් 2026 මැයි මස 22 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ඇති අතර අති සාර්ථක වැඩසටහනකට  අනුරාධපුර , පොලොන්නරුව , මාතලේ සහ   ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්යන්හි අයිඩියල් අභියෝගයට ආදරය කරන ශ්‍රී ලාංකිය  සියලු දෙනාට අයිඩියල් මෝටර්ස්හි සාමාන්‍යාධිකාරි කසුන් ප්‍රනාන්දු සහ ව්‍යාපාර සම්බන්ධතා කළමනාකාර විනෝජ් දහනායක  අයිඩියල් මෝටර්ස් වෙනුවෙන් ආරාධනා කර සිටී.

    කසුන් ප්‍රනාන්දු මහතා, සාමාන්‍යාධිකාරී (වෙළෙඳ වාහන), අයිඩියල් මෝටර්ස්

    1. විනෝජ් දහනායක මහතා, ව්‍යාපාර සම්බන්ධතා කළමනාකරු, අයිඩියල් මෝටර්ස්