May, 16, 2026
වාහන ආනයනය සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් වූ අධිභාරය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
ඒ අනුව 2026 මැයි 16 සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට වාහන ආනයනය කිරීමේ දී රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් අධිභාරයක් පැනවෙනු ඇත.
මෙම රේගු අධිභාරය මීට පෙර ද ක්‍රියාත්මක වූවක් වන අතර, 1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) වන රේගු ආඥා පනතේ 10 (අ) වගන්තිය යටතේ පනවන ලද 2026 ජනවාරි මස 31 දිනැති අංක 2473/31 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත එම නියමය, 2026 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධනය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව රේගු නිවේදනයක් මීට පෙර නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් එසේ අවලංගු කළ අධිභාර බද්ද දින 45ක කාලයකට පසුව නැවතත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණ කර ඇත.
Video Story