May, 22, 2026
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ බැංකුකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) දින පවත්වා තිබේ. එහිදී වානිජ බැංකුවල විනිමය බෙදුම්කරුවන් (currency dealers) විශේෂයෙන්ම මෙම සාකච්ඡාවට එක්ව ඇත. ශ්‍රී ලංකා රුපියල වෙත එල්ල වී ඇති පීඩනය හමුවේ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව වසර 3කට පසුව වාර්තා වූ ඩොලරයේ ඉහළම අනුපාතිකයන් ඊයේ (21) දින වාර්තා වූ අතර එහිදී ගැනුම් මිල රු. 342.63ක් හා විකුණුම් මිල රු. 354.03ක් ලෙසින් සටහන්ව තිබුණි.
වෙළෙඳපොළ තුළ ඩොලර් ඉල්ලුම ඉහළ යාම හමුවේ, ඩොලර් ද්‍රවශීලතාවය පහළ යාමත්, ආනයනකරුවන් ඉදිරි ආනයන වෙනුවෙන් ඩොලර් ඇණවුම් කිරීම් වැඩි කිරීමත් යන කරුණු මත මේ වන විට දේශීය රුපියල වෙත බලපා ඇති විනිමය පීඩනය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.