ඩොලරය අද පසුබසී

    May, 22, 2026

    වානිජ බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට

    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය වීමක් පසුගිය දින කිහිපය පුරාවට දක්නට ලැබුණි.

    එහි උපරිම අවස්ථාවක් ලෙස එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (21) රුපියල් 354ක් දක්වා ඉහළ ගියේ 2023 මාර්තු 02 දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කරමිනි.

    කෙසේ වෙතත් අද (22) එම අගය කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබෙන ආකාරය දිනයේ අන්තර් බැංකු ගනුදෙනු නිරීක්ෂණයේ දී දැකගත හැකිවිය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද පෙරවරු 9.30 වන විට ඩොලරයක විකුණුම් මිල රු. 354.03 ක් ලෙසින් සටහන් වුවත්, අද දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේ දී වානිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට පැමිණ තිබෙනු එහිදී නිරීක්ෂණය කළ හැකි විය.

    එහිදී ලංකා බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 336.50 ක් සහ මහජන බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 338.86 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    ඒ අනුව ප්‍රමුඛ වාණිජ බැංකු රැසක පස්වරුවේ ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන්ව තිබූ ආකාරය පහතින් දැක්වේ.

    ලංකා බැංකුව: 327.50| 336.50

    මහජන බැංකුව: 329.31| 338.86

    කොමර්ෂල් බැංකුව: 333.50| 342.50

    හැටන් නැෂනල් බැංකුව: 330.00| 340.00

    සම්පත් බැංකුව: 331.50| 340.50

    සෙලාන් බැංකුව: 330.00| 342.00

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 325.51| 336.49

    NDB: 330.00| 340.00

    DFCC: 325.25| 334.75