May, 25, 2026
ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙරවරු 11.00 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඩොලර් 100 මට්ටමින් පහළට නැවත වතාවක් පැමිණ ඇති බව වාර්තා වේ.
එහිදී WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 97 මට්ටමටත් පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
මෙම අගයයන් පූර්ව දිනයට සාපේක්ෂව ඩොලර් 5කින් පමණ මිල පහළ යෑම් වේ.
එක්සත් ජනපදය හා ඉරානය අතර පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා වන සාම ගිවිසුම සම්බන්ධයෙන් පවතින සුබවාදී බලාපොරොත්තු මත මෙලෙස ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.