May, 25, 2026
කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (25) දිනයේ දී වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 435.13ක වර්ධනයක් අත්පත් කර ගැනීමට එහි දී සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 118.08ක වර්ධනයක් දිනය තුළ වාර්තා කළේය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,364.77ක් හා S&P SL20 දර්ශකය ඒකක 6,179.10ක් ලෙසින් සටහන් වුණි.
අද දින රු. බිලියන 2.42ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.39ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.37ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 27ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 51ක් ලෙසින් වාර්තා වී තිබුණි.
දිනය තුළ සමාගම් 137ක කොටස් මිල ගණන් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 2%ක සීමාවක් ඉක්මවා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. එහිදී ඩයලොග් ආසියාටා, කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව සහ හේමාස් හෝල්ඩිංග්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට සමත්විය.
මේ අතර අද දිනයේ දී සමස්ත කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි. දිනය අවසානයේ දී එම අගය රු. ට්‍රිලියන 8.11ක් ලෙසින් වාර්තා වන අතර පූර්ව ගනුදෙනු දිනය අවසානයේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය සටහන් වූයේ රු. ට්‍රිලියන 7.95ක් වශයෙනි.
Video Story