ඩොලරයේ සීඝ්‍ර වැඩි වීමක්

    June, 12, 2026

    ශ්‍රී ලංකා රුපියලේ කැපීපෙනෙන අවප්‍රමාණයක් අද (12) දිනයේ දී වාර්තා වී තිබේ.

    එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් ඊයේ දිනයේ දී සටහන් වී තිබුණු රු. 327.67 හා රු. 337.82 සිට රු. 331.42ක් හා රු. 341.36ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අඟහරුවාදා (09) ප්‍රකාශයට පත් කරන ලද, අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ නව රීතීන් සමගින් බදාදා (10) දිනයේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යම්කිසි අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළද, ඊයේ (11) දින සිට නැවත වරක් එහි අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත.