June, 15, 2026
අද (15) පෙරවරුව වන විට මෙරට වාණිජ බැංකු කිහිපයකම යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල පහළ යාමක් වාර්තා වේ.
පසුගිය සිකුරාදා (12) ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 331.42ක් ලෙසත් විකුණුම් මිල රු. 341.36ක් ලෙසත් සටහන්ව තිබුණි.
මේ අතර අද පෙරවරු 10.00 වන විට මෙරට වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන්ව තිබුණ අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව: 327.50 | 336.50
මහජන බැංකුව: 326.25 | 336.04
කොමර්ෂල් බැංකුව: 325.50 | 334.50
හැටන් නැෂනල් බැංකුව: 326.50 | 336.50
සම්පත් බැංකුව: 325.73 | 336.50
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 327.47 | 338.53
DFCC බැංකුව: 328.25 | 337.75
NDB බැංකුව: 331.00 | 340.00
Video Story