කොටස් වෙළෙපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් ඒකක 743කින් ඉහළට

    June, 15, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ 3.43%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමට සමත්විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය දිනය තුළ ඒකක 743.22කින් ඉහළ ගොස් ඒකක 22,380.65ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා වුණි.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 192.48ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.19%ක ඉහළ යාමක් වේ. දිනය අවසානයේ දී S&P SL20 දර්ශක අගය ඒකක 6,219.53ක් ලෙසින් සටහන් විය.

    අද දිනය තුළ රු. බිලියන 4ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.