උච්ඡාවචන වැඩිවෙයි. ඩොලරය අද යළි ඉහළට

    June, 16, 2026

    ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (16) දිනයේ දී යළිත් වරක් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ.

    ඒ අනුව අද පෙරවරුව වන විට ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.34 සිට රු. 328.29ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 336.58 සිට රු. 338.22ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    පසුගිය දින කිහිපය පුරාවට ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල උච්ඡාවචනයන්ට ලක් වූ ආකාරය පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.