June, 17, 2026
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (17) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පූර්ණ වශයෙන් ප්‍රතිග්‍රහණය කර තිබේ.
අද වෙන්දේසිය සඳහා රු. මිලියන 70,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 129,423ක ලංසු ප්‍රමාණයක් ඊට ලැබී තිබුණි. එහිදී වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් ප්‍රමාණයට සමාන වන අයුරින් රු. මිලියන 70,000ක ලංසු පිළිගෙන තිබුණි.
අද දිනයේ දී දින 19 හා දින 182 ඵලදා අනුපාතිකයන් පිළිවෙලින් පදනම් අංක 7ක් සහ 11ක් බැගින් සුළු වශයෙන් පහළ ගොස් තිබුණු අතර දින 364 බිල්පත් ඵලදා අනුපාතියෙහි වෙනසක් සිදුව නොමැති බව සඳහන් වේ.
මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Video Story