සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් බංග්ලාදේශයේ ජීවිත රක්ෂණ සමාගමක් මිල දී ගනී

    June, 18, 2026

    බංග්ලාදේශයේ බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක 60%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් කටයුතු කර තිබේ.

    ඒ අනුව බංග්ලාදේශයේ Diamond Life Insurance Company Limited හි බහුතර කොටස් හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් මිල දී ගෙන ඇති අතර ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල ඩොලර් මිලියන 1.9ක් වේ.

    සමාගමේ මෙහෙයුම් කලාපීය වශයෙන් පුළුල් කිරීමේ මූලෝපායික පියවරේ කොටසක් ලෙසින් මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සිදුකර ඇති බව සොෆ්ට්ලොජික් ලයිෆ් සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.