ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, මාර්ග ආරක්ෂාව සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන තවදුරටත් පුළුල් කරයි

    June, 18, 2026

    නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය, අවධානයෙන් තොරව ධාවනය කිරීම සහ රියදුරන් මෙන්ම පදිකයන්ගේ ද නොසැළකිලිමත් කමින් සිදුවන මාර්ග අනතුරු සහ ජීවිත හානි ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව, විශාල අවධානයක් යොමු කළ යුතු ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයේ බරපතලකම සංඛ්‍යාලේඛන වාර්තා දෙස බැලීමේදී පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොලිසියේ දත්ත වාර්තා අනුව 2026 වසරේ පළමු මාස දෙක තුළ පමණක් මාර්ග අනතුරු 3,642 කට වඩා සිදු වී ඇත. එයින් අනතුරු 405 ක් මාරක රිය අනතුරු වන අතර, ඉන් පුද්ගල මරණ 422 ක් සිදු වී තිබේ.

    2025 වසරේදී ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වලින් පුද්ගල ජීවිත හානි 2,732ක් සිදු වී ඇති අතර, ඉන් වැඩිම පිරිසක් පදිකයින් සහ යතුරුපැදිකරුවන් වේ. මෙම සංඛ්‍යා දත්ත 2024 වසරට සාපේක්ෂව යම් වැඩිවීමක් පෙන්නුම් කළද, පසුගිය වසර කිහිපය පුරා සිදු වූ ජීවිත හානිවල ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා තවදුරටත් විශාල ආර්ථික පිරිවැයක් දැරීමට ද සිදුව ඇත. මේ තත්ත්වය හේතුවෙන් මාර්ග ආරක්ෂාව අත්‍යාවශ්‍ය ජාතික ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), රන් FM සමඟ සහයෝගීතාවය ඇතිව ‘2026 ජාතික මාර්ග ආරක්ෂක සතියට’ සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග ආරක්ෂාව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් බොරැල්ලේදී පසුගිය මැයි මස 18 වනදා පැවැත්විය. වගකීම් සහිතව මාර්ග භාවිතා කිරීමේ ඇති වැදගත්කම සහ අනතුරු වළක්වා ගැනීම පිළිබඳව රියදුරන් සහ පදිකයින් දැනුම්වත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

    බොරැල්ලේදී පැවැත්වුණු මෙම වැඩසටහන වසර පුරා දිගු කාලීනව ක්‍රියාත්මක වන පුළුල් ව්‍යාපෘතියේ එක් කොටසක් පමණක් වූ අතර එහිදී SLIC General විසින් පාර්ශවකරුවන්, ප්‍රජාවන් සහ මාර්ග භාවිතයට ගනු ලබන විවිධ ප්‍රජාවන් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳව දැනුම්වත් කිරීම් කරනු ලැබීය.

    සිය ප්‍රමුඛතම Motor Plus රක්ෂණ ආවරණය හරහා ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස, සේවාවන් සපයන SLIC General, රක්ෂණ ඔප්පුහිමියන් සහ පොදු මහජනතාව වෙනුවෙන් දක්වන තමන් සතු වගකීමේ ප්‍රධානතම කොටසක් ලෙස මර්ග ආරක්ෂාව තහවුරු කිරීම දැඩිව විශ්වාසය කරයි.

    SLIC General සහ රන් FM එක්ව, සමාජ වගකීම් සඳහා මූලිකත්වය ලබා දෙමින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා මාර්ග ආරක්ෂාව යනු, පොදු සාමුහික වගකීමක් බවට අවධාරණය කරමින්, මාර්ග භාවිතා කරන සෑම පුද්ගලයෙකුගෙන්ම ඒ සඳහා අවධානය සහ සැළකිලිමත්බව ලබා දීම ඉතා වැදගත් අංගයක් බවට පෙන්වා දෙනු ලැබීය. රියදුරන්, පාසල් ළමුන්, පදිකයින් සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර, මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ ක්‍රියාකාරකම්, අධ්‍යාපනික දැනුම ලබා දීම සහ පොදු සන්නිවේදන වැඩසටහනක් හරහා ඔවුන්ට අත්‍යවශ්‍ය ආරක්ෂක ක්‍රමවේද පණිවිඩ සම්බන්ධයෙන් මෙහිදී අවබෝධයක් ලබා දෙන ලදී.

    මාර්ග නීති රීති පිළිපැදීම, සුරක්ෂිතව නිසි වේග සීමාවන් පවත්වා ගැනීම, රිය පැදවීමේදී ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටීම, ආසන පටි පැළඳීම සහ ආරක්ෂාකාරීව රිය පැදවීමේ ක්‍රමවේද අනුගමනය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී රියදුරන් වෙත සිහි ගන්වන ලදී. තවද, අනතුරු සහ ජීවිත හානි අවම කර ගැනීමට සහය වීම සඳහා පදිකයින් සහ මාර්ග භාවිතා කරනු ලබන සෙසු ප්‍රජාවන් කෙරෙහි නිරතුරුව අවධානයෙන් හා සැළකිලිමත්ව පසුවන ලෙසට මෝටර් රථ රියදුරන් වෙත අවධාරණය කරනු ලැබීය.

    මේ අතර, පදිකයින් හට නියමිත පදික මාරු භාවිතා කරන ලෙසත්, මාර්ග සංඥා පිළිපදින ලෙසත්, මාර්ගයේ ගමන් කිරීමේදී සෑමවිටම අවධානයෙන් පසුවන ලෙසත් දැඩිව අවධාරණය කරනු ලැබීය. විශේෂයෙන්ම, මාර්ග තදබදය පවතින වටපිටාවන් තුළදී වඩාත් අවධානමට ලක්විය හැකි කාණ්ඩ වන, පාසල් ළමුන් සහ වැඩිහිටි ප්‍රජාව දැනුම්වත් කිරීම සම්බධයෙන්ද මෙම වැඩසටහනේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

    රන් FM මාධ්‍ය ආයතනය සමඟින් ඇති කරගත් මෙම සහයෝගීතාවය හරහා මාර්ග ආරක්ෂාව පිළිබඳ පණිවිඩය රට පුරා සිටින ජනතාව වෙත පුළුල් ලෙස සන්නිවේදනය කරමින්, මෙම වැඩසටහනේ ආරම්භය සහ බලපෑම තවත් තීව්‍ර කිරීමට හැකි විය.

    මෙම නව ආරම්භය දිගුකාලීනව කරනු ලබන කැපවීමක කොටසක් පමණක් වන අතර, එය දිවයින පුරා වඩාත් සුරාක්ෂිත මාර්ග සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණ ඇතිව වසර ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන තිරසර වැඩසටහන් මාලාවක ප්‍රථම පියවර වේ.

    විශේෂයෙන්ම, SLIC General විසින් ආරම්භ කරනු ලැබූ ‘මම ආරක්‍ෂිත රියදුරෙක්’ (I Am a Safe Driver) වැඩසටහන හරහා සෑම දිස්ත්‍රික්කයකම සිටින දහස් සංඛ්‍යාත පාසල් ප්‍රවාහන සේවා සපයන්නන් ඒකාබද්ධ කර ගනිමින් වගකීම් සහිතව රිය පැදවීමේ භාවිතාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම, විශේෂයෙන්ම පාසල් ප්‍රවාහන සේවාව සුරක්ෂිත කිරීම පිළිබඳව අවධානය යොමු කරනු ලැබූ අතර, මාර්ග භාවිතා කරනු ලබන ප්‍රජාවන්ගේ මාර්ග නීති පිළිපැදීම ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනික දැනුම සහිත පත්‍රිකා, ස්ටිකර් සහ වාහන ටැග් (Vehicle tags) බෙදා හැරීමටද පියවර ගනු ලැබිණි.

    වඩාත්ම වැදගත් කරුණ නම්, මෙම ඒකාබද්ධ සහයෝගීතාවය හුදෙක් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහාම පමණක් සිමා නොවී, ඉන් ඔබ්බට යමින් ඒ සඳහා අඛණ්ඩ වගවීමක් සහිතව SLIC General, ආරක්ෂිත භාවිතාවන් තවදුරටත් තහවුරු කිරීම සඳහා පාසල් ප්‍රවාහන සේවා සපයන්නන් සමඟ අඛණ්ඩ සබඳතාවක් ගොඩනගන ලදී.

    මෙම වැඩසටහන් හරහා දැනුම්වත් කිරීම සහ වගවීම එකිනෙකා සමඟ ඒකාබද්ධ කරමින් SLIC General, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම ලෙස පමණක් නොව, රටේ මාර්ගවල ජීවිත ආරක්ෂා කිරීම සඳහා ද ක්‍රියාකාරීව මැදිහත් වන හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කරයි.

    SLIC General හි මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතිය හරහා වගකීම් සහගත මාර්ග භාවිතාවන් වෙත ප්‍රජාවන් නැඹුරු කිරීමට සමාගම දක්වන දැඩි කැපවීම මනාව පෙන්නුම් කරයි. තවද ශ්‍රී ලංකාවේ අංක 1 මෝටර් රථ රක්ෂණකරු ලෙස තමන් සතු ස්ථාවරය තවදුරටත් විදහා දක්වමින්, ජාතික සංවර්ධනය සහ දිගුකාලීන සමාජයීය බලපෑමක් ඇති කිරීම සඳහා ද ඔවුන් තවදුරටත් විශාල දායකත්වයක් ලබා දේ.

    Video Story

    Stock Market

    Exchange Rates