June, 19, 2026
යුනියන් බැංකුව මොරටුව විශ්ව විද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමඟ එක්ව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවේ (National Entrepreneurship Development Programme) 3වන අදියර පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේදී දියත් කෙරිණි. මෙම පාඨමාලාව සඳහා, ව්‍යාපාර හිමිකරුවන් මෙන්ම ව්‍යාපාරික අදහස් සහිත අනාගත ව්‍යවසායකයින් ද නියෝජනය කරමින් 200 දෙනෙකුට අධික පිරිසක් මෙවර ලියාපදිංචි වී ඇත.
ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව (NEDP) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සඳහා දැනුම, නවෝත්පාදන සහ මූල්‍ය සහයෝගය එක්රැස් කරමින්, ව්‍යාපාර හිමිකරුවන් සහ ව්‍යාපාරයක් වැඩි දියුණු කරගැනීමට හෝ ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නන් සඳහා කුසලතා වැඩි දියුණු කිරීමට අවස්ථාවක් ලබා දී ඇත.
ඡායාරූපය: NEDP සහභාගිවන්නන් සමඟ යුනියන් බැංකුවේ සාමාජිකයන්, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) නියෝජිතයින් සමඟ
Video Story