June, 22, 2026
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 මැයි මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 5.4% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 අප්‍රේල් මාසයේ දී මෙම අගය 4.7%ක් ලෙස වාර්තා වී තිබුණි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
අප්‍රේල් මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය මැයි මාසයේ දී 1.5% ක් දක්වා වැඩි වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 7.8% සිට මැයි මාසයේ දී 8.6%ක් දක්වා වැඩිවීම මෙලෙස ජාතික උද්ධමනය මැයි මාසයේ දී ඉහළ යාමට විශාල වශයෙන් බලපා ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේ දී 5% සීමාව ඉක්මවා ගිය අතර ඉන් පසු ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ද මෙරට උද්ධමනය 2026 මැයි මාසයේ දී 5% කඩඉම ඉක්මවා ගොස් තිබේ.
Video Story