June, 23, 2026
ඉන්දියාවේ දිල්ලි ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මගීන් හසුරුවාලීම සහ භූමි සේවා සපයා ගැනීම සඳහා බිම් මෙහෙවර සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 02ක් ලැබී ඇත.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Bird Flight Services (India) Private Limited වෙත එකී සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, 2026-06-01 දින සිට 2029-05-31 දින දක්වා වසර 03ක කාලසීමාවක් සඳහා ඉන්දියානු රුපියල් මිලියන 332.85 ක මුදලකට පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story