DFCC ‘ගරුසරු’ වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අක්ෂි සත්කාර සඳහා සුවිශේෂ ප්‍රතිලාභ රැසක්

    June, 23, 2026

    DFCC බැංකුව සිය ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් පිරිනමන සුවිශේෂී වටිනාකම් සහ සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, 'DFCC ගරුසරු' ඉතිරිකිරීමේ ගිණුම්හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත අක්ෂි සත්කාර සහ සුවතා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා ප්‍රමුඛ පෙළේ අක්ෂි සේවා සැපයුම්කරුවෙකු වන Vision Care Optical Services ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

    මෙම සහයෝගීතාවය යටතේ 'DFCC ගරුසරු' ඩෙබිට් කාඩ්පත්හිමියන්ට ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි සහ ශ්‍රවණාධාරක ඇතුළු තෝරාගත් Vision Care නිෂ්පාදන සඳහා 15% දක්වා විශේෂ වට්ටම් භුක්ති විඳීමේ අවස්ථාව හිමිවේ. මීට අමතරව, දිවයින පුරා පිහිටි ඕනෑම Vision Care ශාඛාවකින් නොමිලේ අක්ෂි පරීක්ෂණ සහ ඇසේ පීඩන පරීක්ෂණ (Eye pressure tests) සිදුකර ගැනීමටද කාඩ්පත්හිමියන්ට සුදුසුකම් ලැබෙනු ඇත.

    සාම්ප්‍රදායික බැංකුකරණ අවශ්‍යතාවලින් ඔබ්බට යමින් ගනුදෙනුකරුවන්ට උපරිම අත්වැලක් සැපයීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති 'DFCC ගරුසරු' ඉතිරිකිරීමේ සැලසුම හරහා, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ප්‍රායෝගික සහ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය වන වටිනාකම් නිර්මාණය කිරීමට DFCC බැංකුව දරන අඛණ්ඩ උත්සාහය මෙම කාලීන පියවරෙන් මැනවින් පිළිබිඹු වේ.

    ශ්‍රී ලංකාවේ ජනගහනය වයස්ගත වීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් ආශ්‍රිත අවශ්‍යතාවල වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින පසුබිමක, බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමන්ගේ සමස්ත සුවතාවය වෙනුවෙන් වැඩි පහසුවක්, ප්‍රවේශවීමේ හැකියාවක් සහ සැබෑ අත්වැලක් සපයන නිෂ්පාදන හා සේවා අපේක්ෂා කරති. මෙම යථාර්ථයන් මනසේ තබාගෙන නිර්මාණය කර ඇති 'DFCC ගරුසරු', ජීවිතයේ සැඳෑ අවධියේ පසුවන ගනුදෙනුකාරභවතුන්ගේ අවශ්‍යතාවලට මැනවින් ගැළපෙන පරිදි මූල්‍ය ප්‍රතිලාභ මෙන්ම ජීවන රටාව සහ සෞඛ්‍ය ආරක්ෂණයට අදාළ වාසි ද එකට මුසු කර ඇත.

    බැංකුකරණ පහසුවට අමතරව, 'DFCC ගරුසරු' මගින් වාර්ෂික වෛද්‍ය මුදල් ප්‍රතිලාභ සහ තෝරාගත් සෞඛ්‍ය සේවා වරප්‍රසාද රැසක් පිරිනමනු ලබයි. Vision Care සමඟ ඇති කරගත් මෙම නවතම සහයෝගීතාවය, දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන්ට පූර්ව අක්ෂි සත්කාර සහ පෙනීම ආශ්‍රිත සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, බැංකුව සතු මෙම සේවා පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමට සමත් වී තිබේ.

    Vision Care යනු දිවයින පුරා විසිරුණු පුළුල් ශාඛා ජාලයක් සහිතව, පෙනීම, ශ්‍රවණය සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයකි. මෙම හවුල්කාරිත්වය තුළින්, සුදුසුකම් ලත් 'DFCC ගරුසරු' ඩෙබිට් කාඩ්පත්හිමියන්ට දිවයින පුරා පිහිටි ඕනෑම Vision Care මධ්‍යස්ථානයකින් මෙම සියලු ප්‍රතිලාභ ඉතා පහසුවෙන් අත්විඳිය හැකිය.

    මෙවැනි සාධනීය මුලපිරීම් ඔස්සේ, මූල්‍ය සුරක්ෂිතතාව, පහසුව සහ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය වටිනාකම් මුසු වූ සේවාවන් හඳුන්වා දෙමින්, ගනුදෙනුකරුවන්ගේ විවිධ ජීවන අවධීන්හිදී ඔවුන්ට සැබෑ ශක්තියක් වීමටත්, සිය ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණ ප්‍රවේශය තවදුරටත් තහවුරු කිරීමටත් DFCC බැංකුව අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි.