June, 24, 2026
ශ්‍රී ලාංකිකයකු හා ජාත්‍යන්තර ව්‍යවසායකයෙකු වන මාලන් ෆෙරේරා මහතා එක්සත් රාජධානියේ අතිශය කීර්තිමත් Great British Entrepreneur Awards 2026 සම්මාන උළෙලේ “Global Entrepreneur of the Year” කාණ්ඩයේ අවසන් වටයට තේරී ඇත. ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ ඉහළම ගෞරව සම්මානයක් ලෙස සැළැකෙන මෙම සම්මාන උළෙලේදී නවෝත්පාදනය, නායකත්වය, අධිෂ්ඨානය සහ සමාජීය හා ආර්ථික බලපෑමක් සහිත ව්‍යාපාර නායකයන් ඇගැයීමට ලක් කරයි. මෙවර සම්මාන සඳහා එක්සත් රාජධානිය පුරා අයැදුම් පත් 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර එයින් තෝරා ගත් සීමිත පිරිසක් පමණක් ජාතික අවසන් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. අවසන් වටයට තේරී පත් වූ ව්‍යාපාර සමූහය සමස්තයක් ලෙස පවුම් බිලියන 3.3ක වාර්ෂික පිරිවැටුමක් නියෝජනය කරන අතර රැකියා 17,700කට අධික සංඛ්‍යාවක් සපයා ඇත.
දශක තුනකට අධික ව්‍යවසායක අත්දැකීම් ඇති ෆෙරේරා මහතා Sentario UK Limitedහි නිර්මාතෘ සහ කළමනාකරණ අධ්යක්ෂවරයා වන අතර ආසියාවේ ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ විශේෂ පළිබෝධ පාලන සමාගම වන Exterminators PLCහි නිර්මාතෘවරයාද වේ. කෘතිම බුද්ධිය, පරිසර දත්ත විශ්ලේෂණය සහ තිරසාර ව්‍යාපාර විසඳුම් ඒකාබද්ධ කරමින් ඔහු විසින් සංවර්ධනය කරන ලද MACCP X™, PACCP X™ සහ AI Report Factory™ වැනි නවෝත්පාදන ජාත්‍යන්තර අවධානය දිනා ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ෆෙරේරා මහතා සඳහන් කළේ මෙම ඇගැයීම තම කණ්ඩායමේ කැපවීම, පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබිඹු කරන බවයි. Great British Entrepreneur Awards 2026 ජයග්‍රාහකයන් මෙම වසර අවසානයේ ලන්ඩනයේ පැවැත්වෙන සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Video Story