උද්ධමනය ගැන අදහස් දෙන්නැයි මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලයි

    June, 25, 2026

    උද්ධමන සමාලෝචන ක්‍රියාවලියේ කොටසක් ලෙස, උද්ධමන ඉලක්කය සහ ඒ ආශ්‍රිත පරාමිතීන් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

    මෙම සමාලෝචන ක්‍රියාවලියට සහ උද්ධමන ඉලක්කය තීරණය කිරීම සඳහා මහජනතාවගේ අදහස් උපකාරී වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

    මෙම අදහස් විමසීම 2026 ජූලි 15 දින දක්වා සිදුකරන අතර අදාළ සමීක්ෂණය සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය.

    https://forms.office.com/r/2zRUqRMcJB