June, 25, 2026
ශ්‍රී ලංකා රුපියල මත ඇති විනිමය පීඩනය නැවත වරක් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (25) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 332.34ක් සහ රු. 342.03ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (24) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 330.35ක් සහ විකුණුම් මිල රු. 340.06ක් ලෙසින් සටහන්ව තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පසුගිය 2026 වසරේ ජූනි 19 දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල් එක්සත් ජනපද ඩොලරය හමුවේ 7.3%කින් අවප්‍රමාණය වී ඇති බවයි.
Video Story