June, 26, 2026
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට වැඩි ජනගහනය මිලියන 17ක පමණ ප්‍රමාණයක් බවත්, ඉන් මිලියන 12කට පමණ මේ වන විට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය නිකුත් කර ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, නිශාන්ත ජයවීර මහතා,
“අවුරුදු 18ට වැඩි සියලුම දෙනා TIN අංකයක් ලබා ගන්න ඕනේ. මේ වෙන කොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මිලියන 12කට වැඩි ප්‍රමාණයකට නිකුත් කරලා තියෙනවා. වයස අවුරුදු 18ට වැඩි ජනගහනය ගත්තොත් සාමාන්‍යයෙන් මිලියන 17කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ. තව සුළු පිරිසකට වගේ නිකුත් වෙන්න තියෙනවා. TIN අංකය මේ වෙන කොට ගොඩක් දෙනකුට නිකුත් වෙලා තිබුණාට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පුද්ගලයින්ට ඒක තැපෑලෙන් යවලා නැහැ. ඒක හින්දා ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ තමන්ට TIN අංකයක් තියෙනවාද කියලා.“
Video Story