June, 28, 2026
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සියයට 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙන්නේ 2026 ජූනි 26 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල මෙලෙස ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වී ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය සිකුරාදා (26) වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.22ක් ලෙසත් විකුණුම් මිල රු. 341.88ක් ලෙසත් සටහන්ව තිබුණි.

Video Story