කොළඹ උද්ධමනය 6% ඉක්මවා යයි

    June, 30, 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූනි මාසයේ දී 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය නවතම වාර්තාවකින් දක්වා සිටී. 2026 මැයි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ 5.5%ක් ලෙසිනි.

    මේ අතර 2026 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 0.9% සිට 3.6%ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 7.8% සිට 8.4%ක් දක්වා ත් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.