July, 1, 2026
2026 වසරේ මැයි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයන වියදම ඩොලර් මිලියන 250ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2026 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 20.0ක වැඩිවීමක් බව මහ බැංකුව වැඩිදුටරත් සඳහන් කරයි.
2026 මැයි මාසයේ දී පුද්ගලික වාහන ආනයනය වෙනුවෙන් කරන ලද වියදම ඩොලර් මිලියන 207.8ක් වන අතර වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන වෙනුවෙන් දරා ඇති වියදම ඩොලර් මිලියන 42.3ක් වේ.
ඒ අනුව 2026 වසරේ ජනවාරි-මැයි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ මෝටර් රථ ආනයනය සඳහා වූ සමස්ත වියදම එ.ජ. ඩොලර් මිලියන 1,071ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2026 මැයි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
Video Story