John Keells Properties වෙතින් VIMAN ජා-ඇල ආදර්ශ මහල් නිවාසය, ව්‍යාපෘති භූමියේදී එළිදක්වයි

    July, 1, 2026

    John Keells Properties වෙතින් VIMAN ජා-ඇල ආදර්ශ නිවාසය ව්‍යාපෘති භූමියේදීම විවෘත කර ඇති අතර, එහි ඇති සුවපහසු ජීවන වටපිටාව විඳගැනීමට නිවාස හිමියන්ට මේ වන විට අවස්ථාව හිමි වී තිබේ. නවීන උපනාගරික ජීවන රටාවක් බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට මෙය ඉතා වටිනා අවස්ථාවකි.

    ව්‍යාපෘති භූමියේම ඉදිකර ඇති මෙම ආදර්ශ නිවාසය නැරඹීමට පැමිණෙන්නන්ට සැබෑ VIMAN ජා-ඇල නිවසයක කාමර පිහිටීම, නිමාව සහ එහි උසස් තත්ත්වය හොඳින්ම වටහාගත හැකියි. එමෙන්ම සුවපහසුව, ස්වභාවික පරිසරය සහ නවීන ජීවිතය එකට එකතු කර සැලසුම් කර ඇති මෙම නිවාස නැරඹීමට පැමිණෙන ලෙස අනාගත ගැනුම්කරුවන්ට ආරාධනා කෙරේ.

    ‘VIMAN’ ජා-ඇල නගරයට සමිප නිස්කලංක පරිසරයක ඉදිවන අතර, සාමාන්‍ය නිවාසයකට වඩා වැඩි සුවපහසුවක් සහ ප්‍රජා එකමුතුකමක් පදිංචිකරුවන්ට ලබා දෙයි. අක්කර 6ක භූමි ප්‍රමාණයක විහිදෙන මෙම ව්‍යාපෘතියේ 60%කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ නිදහස් හරිත අවකාශයන් සඳහාය. කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සෑම දෙනාටම සතුටින් සිටිය හැකි පරිදි සමාජශාලා, පිහිනුම් තටාක, ව්‍යායාම ශාලා, ඇවිදිමේ පථ සහ ළමා ක්‍රීඩා පිටි රැසක් මෙහි ඉදිකර තිබේ. මීට අමතරව, අසල්වැසියන් අතර සබඳතා ඇති කර ගැනීම සඳහා අපේ පැරණි සංස්කෘතියේ එන ‘අම්බලම’ වැනි පොදු ස්ථාන ද මෙහි විශේෂයෙන් සැලසුම් කර ඇත.

    මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් John Keells සමූහයේ උප සභාපති මෙන්ම විකුණුම් හා අලෙවිකරණ ප්‍රධානී නදීම් ශම්ස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. "අප සැලසුම් කළ නවීන ජීවන රටාව වචනවලට පමණක් සීමා නොකර, පාරිභෝගිකයාටම එය සෘජුව අත්විඳීමට සැලැස්වීම මෙම ආදර්ශ නිවාසය විවෘත කිරීමේ අරමුණයි. එමෙන්ම මෙය VIMAN ජා-ඇල තුළින් ලබා දෙන උසස් ප්‍රමිතිය සහ නිමාව පාරිභෝගිකයාට හොඳින්ම වටහාගත හැකි අනගි අවස්ථාවකි."

    John Keells Properties වෙතින් ඉදිවන ‘VIMAN ජා-ඇල’ යනු නවීන නිවාස සැලසුම්, එදිනෙදා පහසුකම් සහ සුහදශීලී ප්‍රජා වටපිටාවක් එකට එකතු කරන සැබෑ උපනාගරික ජීවන අත්දැකීමකි. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල පිවිසුමට කිලෝමීටර 4ක් වැනි ඉතා සමීප දුරකින් පිහිටා ඇති බැවින්, නිස්කලංක පරිසරයක සුවය විඳිමින් ප්‍රධාන නගරවලටද ඉක්මනින්ම ගමන් කළ හැකිය. මේ වන විට විවෘත කර ඇති මෙම ආදර්ශ නිවස නැරඹීමෙන්, නිවාසවල නිමාව සහ උසස් තත්ත්වය හොඳින් දැකබලා ගත හැකි අතර, ඉදිරියේදී මෙහි පදිංචි වෙන ඔබට ලැබෙන නවීන ජීවන රටාව ගැන පැහැදිලි අවබෝධයක් ද ලබාගත හැකිය.

    වැඩිදුර තොරතුරු සඳහා හෝ VIMAN Ja-Ela ප්‍රදර්ශන නිවාසය නැරඹීමට වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා www.viman.lk වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් 0706 062 062 අංකය ඔස්සේ John Keells Properties සමාගම අමතන්න.