July, 3, 2026
සංචාරක පැමිණීම්, සාමාන්‍ය දෛනික වියදම සහ සාමාන්‍ය රැඳී කාලය පිළිබඳ රට අනුව දත්ත ඇතුළත් කරමින්, මාසික සංචාරක ඉපැයීම් ඇස්තමේන්තුවල නිරවද්‍යතාවය සහ නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2026 වසරේ මැයි මාසයේ දී සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබේ.
මෙම සංශෝධිත ක්‍රමවේදය 2026 වසරේ ජනවාරි සිට මාසක ඇස්තමේන්තු සම්පාදනය කිරීමට යොදාගෙන ඇත.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි අප්‍රේල් සඳහා මාසික සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු පහත පරිදි සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී.
Video Story