යුනියන් බැංකුව, රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් වෙනුවෙන් වඩාත් තරගකාරීම ණය පහසුකම හඳුන්වා දෙයි

    July, 3, 2026

    රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් හට සවිබලයෙන් යුතු විශ්‍රාමික දිවියක් උරුමකර දීම සඳහා යුනියන් බැංකුව සිය නවතම විශ්‍රාමික ණය පහසුකම හඳුන්වා දී ඇත. "විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න!" යන සුවිශේෂී තේමාව පෙරදැරිව හඳුන්වා දී ඇති මෙම ණය පහසුකම, රාජ්‍ය සේවක විශ්‍රාමිකයින් සඳහා වැඩිම ප්‍රතිලාභ හිමිකර දෙන මුල්‍ය විසඳුමක් ලෙස සකස්කර ඇත.

    තවද වැන්දඹු විශ්‍රාමිකයින්, මහ බැංකුවේ විශ්‍රාමිකයින් සහ මේවන විට සේවයේ නියැලී නොසිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට ද මෙම සේවාව ලබා ගනිමින් විශ්‍රාම දිවියේ සැබෑ මුල්‍ය නිදහස අත්විඳිය හැකිය. නිවසක් ඉදිකිරීම, සිහිනයක් සැබෑකර ගැනීම, පුද්ගලික වියදම් කළමනාකරණය කිරීම හෝ ආදායම් උත්පාදන මාර්ගයක් සකස්කර ගැනීම ආදී ඕනෑම අරමුණක් වෙනුවෙන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින පිරිසට වසර 15 ක් දක්වා පහසුවෙන් ආපසු ගෙවීමේ හැකියාව සමගින් රු. මිලියන 8 ක් දක්වා ණය මුදලක් ලබාගත හැකිය. ණය මුදල ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ උපරිම පහසුව හිමිකර දීම සඳහා යුනියන් බැංකුව අඩු පොළී අනුපාත පිරිනැමීමට මෙන්ම, ඇපකරුවන්ගෙන් තොරව ණය අනුමත කිරීමට ද කටයුතු කරයි.

    "පාරිභෝගිකයින් හට ප්‍රතිලාභ රැසක් නොමිලේ පිරිනැමීම, මෙම ණය පහසුකමේ ඇති සුවිශේෂී බවයි. යුනියන් බැංකුව රු. මිලියන 8 ක ඉහළම ණය මුදලක් පිරිනමන අතර සුරක්ෂිතව සහ ස්වාධීනව ගමන්බිමන් යාම සඳහා සෑම වසරකදීම රු. 30,000 ක් වටිනා PickMe ගමන් වාර මෙන්ම, රු. 7,000 ක් වටිනා සෞඛ්‍ය පැකේජයක් ඇතුළු ප්‍රතිලාභ රැසක් ඒ අතර වනවා. හදිසි මුල්‍ය අවශ්‍යතාවලට මුහුණ දීම සඳහා විශ්‍රාමිකයින් හට අත්වැලක් වීමට යුනියන් බැංකුව, කලින් අනුමත කරන ලද ක්‍රෙඩිට් කාඩ්පතක් පිරිනැමීමට ද කටයුතු කරණ බව," යුනියන් බැංකුවේ පාරිභෝගික සේවා සහ කාඩ්පත් අංශයේ උප සභාපති මලින්ද පෙරේරා මහතා සඳහන් කළේය.

    යුනියන් බැංකුවේ විශ්‍රාමික ණය පහසුකම පිළිබඳ වැඩිදුර විස්තර www.unionb.com වෙත පිවිසීමෙන් හෝ 0117818181 ඇමතීමෙන් ලබාගත හැකිය.

     

    සේයාරූ සටහන: පාරිභෝගික සේවා සහ කාඩ්පත් අංශයේ උප සභාපති, මලින්ද පෙරේරා