ජූනි මාසයේ දී මහ බැංකුව ඩොලර් මිලියන 96.3ක් මිල දී ගනී. ඩොලර් මිලියන 25.8ක් විකුණයි

    July, 6, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජූනි මාසයේ දී මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත මැදිහත් වූ ආකාරය අනාවරණය කර තිබේ.

    එහිදී 2026 ජූනි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 96.3ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 25.8ක් විකුණා තිබේ.

    ඒ අනුව ශුද්ධ වශයෙන් පසුගිය ජූනි මාසයේ දී වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 70.8 ක් වේ.

    ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තනි් මාසයක් තුළ සිදුකරන ලද විශාලතම ඩොලර් අලෙවිය පසුගිය 2026 මැයි මාසයේ දී සිදුකළ අතර ශුද්ධ වශයෙන් එලසෙ විකුණන ලද ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 211.3ක් වේ. ඩොලර් මිලියන 223.3ක් එහිදී විකුණා තිබුණු අතර ඩොලර් මිලියන 12ක් මිල දී ගෙන තිබුණි.