July, 7, 2026
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවාවක් ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පැය 24 පුරා ක්‍රියාත්මක කළේය.
සිය වන්දනා මාන හා ආගමික කටයුතු සඳහා අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ගේ ගමන් බිමන් ආරක්ෂිතව සහ බාධාවකින් තොරව පහසුවෙන් ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් මෙම සේවාව හරහා සලසා දීම SLIC General හි ප්‍රධාන අරමුණ විය.
වන්දනා ගමන් අතරතුරදී තම රථ වාහන වල සිදුවන හදිසි ආපදාවන්ට මුහුණ දෙන ජනතාවට කඩිනම් සහ විශ්වාසනීය සේවාවක් ලබා දෙමින් ආපදාවට ලක් වූ රථ වාහන නොමිලේ ඇදගෙන යාම, සුළු කාර්මික දෝෂ එම ස්ථානයේදීම හැකි පමණින් අලුත්වැඩියා කර දීම, අවශ්‍ය අවස්ථාවලදී වාහන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම සහ හදිසි අවස්ථාවලදී රියදුරන්ට හා රථ වාහන වල පැමිණි සිය පවුල්වලට කඩිනම් සහන සලසා දීම මෙම විශේෂ ආපදා රථ සේවාව මගින් සිදු කෙරිණි.
SLIC General හි Motor Plus ආපදා රථ සේවා සමාජ සත්කාරක වැඩසටහන මගින් තම රක්ෂණලාභී ඔප්පු හිමියන්ට පමණක් සීමා නොවී, අනුරාධපුර පූජා භූමිය තුළ ආපදාවට ලක් වූ ඕනෑම රථ වාහනයකට නොමිලේ සේවාව සලසා දීම විශේෂත්වයක් විය.
ලාභ අපේක්ෂාවකින් තොරව ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් හඳුනාගනිමින්, ජනහිතකාමී සහ වගකීම් සහගත අයුරින් ඊට ප්‍රායෝගිකව විසඳුම් ලබා දීමට SLIC General නිරතුරුව කටයුතු කරන අතර, සමාජ වගකීම් ඉටු කිරීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙම වැඩසටහන හරහා මනාව පිළිබිඹු විය.
අනුරාධපුර පූජා භූමියට වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ගමන් බිමන් අතරතුර රථ වාහන වලට සිදුවන හදිසි ආපදා හේතුවෙන් ඔවුන්ට ඇතිවිය හැකි මානසික පීඩාවන් හා අපහසුතා අවම කරමින්, ඔවුන්ගේ ආගමික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට SLIC General හි Motor Plus ආපදා රථ සේවාව මගින් අවස්ථාව ලැබුණි.
එමෙන්ම දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන්ට විශ්වාසනීය හා කඩිනම් සහයක් ලබා දෙමින් තම පවුල් සමඟ වන්දනා චාරිකාවල නිරත වන ජනතාවගේ ආරක්ෂාව සහ සුව පහසුව තහවුරු කිරීමට ද SLIC General මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් කටයුතු කළ අතර වන්දනා සමයේදී ජනතාව මුහුණ දෙන ගැටළු සහ සැබෑ අවශ්‍යතාවන් සඳහා කඩිනමින් මැදිහත්ව සහන සේවා සලසාදීම තුළින්, SLIC General Motor Plus ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් දක්වන සිය සේවා ප්‍රතිපත්තිය සහ සමාජීය වගකීම මේ හරහා තවදුරටත් පෙන්නුම් කළේය.
මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් හරහා SLIC General සිය ආයතනික සමාජ වගකීම් තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන ‘Motor Plus’ ජනතාවට සමීප, විශ්වසනීය සහ වගකීම් සහගත මෝටර් රථ සන්නාමය බව මෙමගින් තවදුරටත් තහවුරු වේ.
එමෙන්ම, සාමාන්‍ය රක්ෂණ ආයතනයක භූමිකාවෙන් ඔබ්බට යමින්, අවශ්‍ය මොහොතේ ජනතාවගේ ගමනට ශක්තියක් සහ සහයක් වෙමින් සැබෑ රක්ෂණ සහකරුවෙකු ලෙස SLIC General තවදුරටත් අඛණ්ඩව කටයුතු කරයි.



Video Story