July, 13, 2026
Hikvision Sri Lanka සමාගම විසින් සංවිධානය කරන ලද ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. නවීන ගොඩනැගිලි ක්ෂේත්රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා බුද්ධිමත් තාක්ෂණය දායක කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ක්ෂේත්රයේ ප්‍රමුඛයින්, තාක්ෂණික විශේෂඥයින්, ගොඩනැගිලි ක්ෂේත්රයේ වෘත්තිකයින් සහ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ. මෙම සමුළුව ඉහළ ආරක්ෂාවක්, කාර්යක්ෂමතාවක්, තිරසාරභාවයක් සහ වඩාත් බුද්ධිමත් කළමනාකරණ ක්‍රමවේදයන් ඔස්සේ ගොඩනැගිලි මෙහෙයුම් කටයුතු සාර්ථක කරගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහ අන්තර්ජාලය ඒකාබද්ධ කළ තාක්ෂණික විසඳුම් (AIoT) උපකාරී වන ආකාරය ප්‍රදර්ශනය කිරීම සඳහා මහඟු අවස්ථාවක් විය. විශේෂඥ දේශන, තාක්ෂණික නිදර්ශන සහ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් ඉදිරිපත් කළ කරුණු හරහා, විවිධ ක්ෂේත්රයන් තුළ ඒකාබද්ධ ස්මාර්ට් ගොඩනැගිලි පද්ධතිවල (Smart Building Ecosystems) වර්ධනය වෙමින් පවතින භූමිකාව පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීමට සහභාගි වූ පිරිසට හැකියාව ලැබිණි.
මෙම සමුළුව සඳහා 157 දෙනෙකු පමණ ලියාපදිංචි වී සිටි අතර, ස්මාර්ට් ගොඩනැගිලි විසඳුම් කෙරෙහි ක්ෂේත්රයේ පවතින ඉහළ උනන්දුව සහ කැපවීම එම ඉහළ සහභාගීත්වය තුළින් මැනවින් පැහැදිලි වේ. සංචාරක හා ආගන්තුක සත්කාර, ඉදිකිරීම්, නිශ්චල දේපළ, කාර්යාල අවකාශ සහ දේපළ කළමනාකරණය, උපදේශන සේවා, පද්ධති ඒකාබද්ධකරණය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. ආරක්ෂිත සහ තිරසාර පරිසරයක් නිර්මාණය කරන අතරතුර, තම මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට ව්‍යාපාරික ආයතන නිරන්තරයෙන් උත්සහ කරයි. එවැනි පසුබිමක, ආරක්ෂක පද්ධති, පහසුකම් කළමනාකරණය සහ ගොඩනැගිලි බුද්ධි තොරතුරු එකම වේදිකාවක් හරහා බාධාවකින් තොරව සම්බන්ධ කරන මෙවැනි නව්‍ය තාක්ෂණයන්ගේ වැදගත්කම මෙම උත්සවයේ දී අවධාරණය කෙරිණි.
මෙහිදී හඳුන්වා දෙනු ලබන නවතම ස්මාර්ට් ගොඩනැගිලි ප්රවණතා, AIoT තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගොඩනැගිලි කළමනාකරණ විසඳුම් සහ නවීන යටිතල පහසුකම් කෙරෙහි පවතින අපේක්ෂාවන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම ක්ෂේත්රයේ සමීපතමයින්, උපදේශකයින්, පද්ධති ඒකාබද්ධ කරන්නන් සහ තාක්ෂණික විශේෂඥයින් සමඟ ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ගොඩනැගිලිවල අනාගතය පිළිබඳව වටිනා අදහස් හුවමාරු කර ගැනීමට ද මෙහි දී අවස්ථාව හිමි විය.
Hikvision සමාගම විසින් මෙහි දී වාණිජ ගොඩනැගිලි, කාර්මික පහසුකම්, අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය ක්ෂේත්රය සහ රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කරන ලද, AIoT තාක්ෂණයෙන් බලගැන්වුණු පුළුල් විසඳුම් එකතුවක් ප්‍රදර්ශනය කරන ලදී. බුද්ධිමත් ආරක්ෂක පද්ධති (Intelligent Security Systems), ස්මාර්ට් දොර අගුල් (Smart Door Locks), පිරික්සුම් දොරටු (Turnstiles) සහ බාධක ගේට්ටු (Barrier Gates) ඇතුළු උසස් ප්‍රවේශ පාලන තාක්ෂණයන් (Access Control Technologies) මෙන්ම වාහන නැවැත්වීමේ කළමනාකරණ පද්ධති (Parking Management Systems) සහ හදිසි ගිනි ගැනීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ විසඳුම් (Fire Alarm Solutions) ද ඒ අතර විය.
මීට අමතරව, LED සංදර්ශක, ඩිජිටල් සංඥා පුවරු සහ අන්තර්ක්‍රියාකාරී ස්මාර්ට් බෝඩ් ඇතුළු Hikvision හි ස්මාර්ට් සංදර්ශක නවෝත්පාදනයන් මෙන්ම වෘත්තීය ශ්‍රව්‍ය සහ පොදු ඇමතුම් පද්ධති ද අත්විඳීමට සහභාගිවන්නන්ට අවස්ථාව ලැබුණි. තවද, එක්ස්-රේ ස්කෑනර් (X-ray Baggage Scanners) සහ ලෝහ අනාවරක (Walk-through Metal Detectors) වැනි ආරක්ෂක පරීක්ෂණ නිෂ්පාදන මෙන්ම ඒකාබද්ධ පහසුකම් කළමනාකරණ වේදිකාවන් ද මෙම ප්‍රදර්ශනයේ දී කැපී පෙනුණි. ඒ අනුව සමස්තයක් ලෙස මෙම තාක්ෂණයන් මඟින් සම්බන්ධීකරණය කරන ලද AIoT පරිසර පද්ධතියක් ආරක්ෂාව ශක්තිමත් කරන, මෙහෙයුම් විධිමත් කරන, සන්නිවේදනය වැඩි දියුණු කරන සහ වඩාත් කාර්යක්ෂම ගොඩනැගිලි කළමනාකරණයක් ලබා දෙන ආකාරය මෙහි දී මැනවින් පැහැදිලි කෙරිණි.
මෙම සමුළුව ඔස්සේ, ස්මාර්ට් ගොඩනැගිලි යනු තවදුරටත් අනාගත සංකල්පයක් පමණක් නොවන බව ක්ෂේත්රය වෙත නැවත වරක් තහවුරු කළේය. මේ වන විට බොහෝ ක්ෂේත්රයන් තුළ ඩිජිටල් පරිවර්තනය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී.එබැවින් ඕනෑම පරිමාණයක ව්‍යාපාරික ආයතනයක් සඳහා වඩා හොඳ මෙහෙයුම් විනිවිදභාවයක් ලබා ගැනීමට, ක්‍රියාවලීන් විධිමත් කිරීමට සහ දත්ත මත පදනම් වූ නිවැරදි තීරණ ගැනීමට පහසුවෙන් භාවිත කළ හැකි මෙම තාක්ෂණයන් උපකාරී කර ගත හැකිය.
මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් Hikvision Sri Lanka සමාගමේ අධ්යක්ෂ සහ මෙරට සාමාන්‍යාධිකාරී යසන්ත හෙන්නායක මහතා මෙසේ සිය අදහස් එකතු කළේය. "‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව හරහා නවෝත්පාදනයන් ඉදිරියට ගෙනයාමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනට සහය වීමට අප සතු අඛණ්ඩ කැපවීම මැනවින් ප්‍රදර්ශනය වෙනවා. වර්තමානයේ බුද්ධිමත් ගොඩනැගිලි යනු ආරක්ෂාවට පමණක් සීමා වූවක් නෙවෙයි. එයින් කාර්යක්ෂමතාව, තිරසාරභාවය සහ සමස්ත පරිශීලක අත්දැකීම ඉහළ නංවන අන්තර් සම්බන්ධිත පරිසර පද්ධතියක් නිර්මාණය කරනවා. අපගේ AIoT තාක්ෂණයන්, ව්‍යාපාරික ආයතනවලට වඩාත් බුද්ධිමත්, ආරක්ෂිත සහ අනාගතයට ගැළපෙන පරිසරයක් ගොඩනැගීමට උපකාරී වෙනවා. මෙම සමුළුව සඳහා ක්ෂේත්රයෙන් ලැබුණු ඉහළ සහභාගිත්වය අපට කදිම දිරිගැන්වීමක් ලබා දුන්නා. අප සැමවිටම සැබෑ වටිනාකමක් ගෙන දෙන ප්‍රායෝගික විසඳුම් මඟින් ව්‍යාපාර සවිබල ගැන්වීමට කැපවී සිටිනවා."
ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනය සහ නවීන යටිතල පහසුකම් සංවර්ධනය කරා අඛණ්ඩව ගමන් කරන විට, ගොඩනැගිලි කළමනාකරණය වඩාත් සරල , ආරක්ෂිත සහ ශක්තිමත් කරමින් මෙහෙයුම් කටයුතු උසස් කරන බුද්ධිමත් තාක්ෂණයන් සමඟ ව්‍යාපාරික ආයතනවලට සිය සහයෝගය පිරිනැමීමට Hikvision සමාගම නිරන්තරයෙන් සූදානම්ව සිටියි. ‘Shaping Intelligence – Smart Building Summit 2026’ වැනි මුලපිරීම් හරහා Hikvision සමාගම ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන අතර, ස්මාර්ට් ගොඩනැගිලි තාක්ෂණයන් වේගවත් කරමින් වඩාත් බුද්ධිමත් යටිතල පහසුකම් සහිත අනාගතයකට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට ආයතනවලට දායකත්වය සපයයි.
Video Story